මන්ත්‍රීවරු 12 ක් සෝපානයේ සිරවුනේ ඇයි කියා කතානායක සොයයි

February 7, 2019

 

පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන ක්‍රියාවිරහිත වී මන්ත්‍රීවරු 12 දෙනෙකු සිරවීම පිළිබද පරීක්ෂණයක් පවත්වන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඊට අමතරව අදාල සමාගම් පාර්ලිමේන්තුවට කැදවා එම තීරණ අනුව අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව විදුලි සෝපාන සවිකිරීමට ක්‍රියාකරන බවද කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට අද දැනුම්දුන්නේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැන්ගේ විදුලි සෝපානය ක්‍රියාවිරහිතවීම හේතුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 12 පමණ අද  උදැසන විනාඩි 15 පමණ කාලයක් හිරවී සිටි බවට මන්ත්‍රීවරැන් දැනුම්දීමෙන් පසුව කාථානායකවරයාමේබව පැවසීය.

පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන වසර 37 ක් පමණ පැරණි බවත් අලුත් සෝපාන සවිකර නොමැති බවත් මෙහිදී හෙළි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන දිනේශ් ගුණවර්ධන , විමල් වීරවංශ ,බන්ධුල ගුණවර්ධන , දයාසිරි ජයසේකර , චන්දිම වීරක්කොඩි ,සී බී රත්නායක, ඩලස් අලහප්පෙරැම , චන්ද්‍රසිරි ගජදීර, ගාමිණි ලොකුගේ , මහින්ද යාපා අබේවර්ධන , රංජිත් සොයිසා යන මහත්වරැන්ද නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාය මෙම විදුලි සෝපානය අක්‍රියවු අවස්ථාවේ එහි සිට ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීමේදී පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසුයේ විදුලි සෝපානයට දැරිය හැකි බර ප්‍රමාණයට වඩා අධික බරක් ඒ අවස්ථාවේ විදුලිසෝපනය තුළ තිබී ඇති බවට සැකකරන බවය. එවැනි අවස්ථාවක විදුලි සෝපානයේ සීනුව ක්‍රියාත්මක වන නමුත් මේ අවස්ථාවේදී සීනුව ක්‍රියාක්මක නොවීම කාර්මික දෝශයක් බවට සැකකරන බවත් ඒ පිළිබඳ පරීක්ෂාකර බැලීමට නියමිත බවත් පැවසීය.

මෙම සම්බන්ධයෙන් සභාවේදී ද අදහස් ප්‍රකාශ වූ අතර මන්ත්‍රීවරු මෙසේ කීය.

දිනේශ් ගුණවර්ධන – මන්ත්‍රීවරැන් 12 පමණ අද උදැසන පාරලිමේන්තුවේ විදුලි සෝපානයේ එමින් සිටියදී එය ක්‍රියාත්මක වීම නැවතුනා. ඒ අවස්ථාවේදී විදුලිසෝපානය  ඇතුලේ තිබුණු උපදෙස් පරිදි අදාල අංශ ප්‍රධානීන්ට දැනුම්දීමට උත්සහ කළා. නමුත් බොහෝවෙලාවන් යනතුරු එය අසාර්ථක වුණා. 1983 මම පාර්ලිමෙන්තුවට පැමිණියේ . කවදාවත් මෙවැනි භායානක තත්වයකට අපි මුහුණදීලා නැහැ. විනාඩි 25 ට වැඩි කාලයක් අප මේ තත්වයට මුහුණ දුන්නා. අපිත් සමග රංජිත් අලුවිහාරයේ නියොජ්‍ය ඇමතිතුමත් අපි සමග හිටියා. මේදේවල් වල පහසුකම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් බලන්නේ නැහැ. එතැන හිටපු මන්ත්‍රීවරැන් සමහර අය &ඉතිපිසෝ භගවා * ගාථාව කිව්වා කියලා  සීබී රත්නායක මන්ත්‍රීතුමා කියනවා. මටනම් ඇහුණේ නැහැ. මේවගේ හිරකැරලා මරණ කුමන්ත්‍රණයකට අපි ගොදුරැවිය යුතු නැහැ. ලක්ෂ්ගණන් මුදල් අපි අනුමක කරනවා. විදුලි සෝපානයක් නඩත්තු කරගන්න බැරිනම් ඒනිසා මන්ත්‍රීවරැන්ගේ ජීවිත හානිවෙන්න ඉඩතිබුණන් මේ සම්බන්ධනේ වාහම මැතිදහත් වෙන්න කියලා කථානායකතුමාගෙන් මම ඉල්ල සිටිනවා. එහෙම කරන්නේ නැතිනම් අපේ ජීවිත ආරක්ෂාකරගන්න පඩිපෙල භාවිතාකරන්න කියලා බෝඩ් එකක් ප්‍රදර්ශනය කරනවානම් හොදයි

 

විමල් විරවංශ – ඔනෑම විදුලිසෝපානයක ප්‍රමාණයට වඩා පිරිසක් ඉන්නවානම් එයින් නාදයක් නිකුත්වෙනවා. නමුත් මෙහි ඒවිදිහට නාදයක් අවේ නැහැ. සෝපානය හිරවුණාට පසුව එහි දුරකථනයෙන් ඇමතුමක් දුන්නත්  එයට පිළිතුරැ දෙන්න කෙනෙකුත් නැහැ. විනාඩි 15 ට වැඩි ප්‍රමාණයක් මන්ත්‍රීවරැන් 12 ක් එතැන හිරවෙලා හිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්මන්පිල මන්ත්‍රීතුමා ඇරෙන්න අනිත් හැමෝම එතැන හිටියා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල – සෝපානය පිළිබඳ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවේ යම් යම් දේවල් සිදුවුනාම වගකීමභාරගන්න කෙනෙක් නැහැ. ඒවගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරැන් රක්ෂණය කරලා තියෙන්නේ රැපියල් ලක්ෂ 02 කට . එය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අලුත් සෝපානයක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. මේ ප්‍රශ්නය නැවත වරක් අධ්‍යානය කරලා ඒගැන තීරණයක් ගන්න.

චමින්ද විජේසිරි – පහුගිය නොවැම්බර් මාසයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මා ඉන්න අවස්ථාවේදීත් හිරවුණා. පාර්ලිමේන්තුවේදී දේවල හානිකරසිදුවීම්  වුනාට පස්සේතමයි මේක ඇතිවුණේ.

කථානායක කරු ජයසුරිය – මේ සිද්ධියේ බරපතලකම පාර්ලිමේන්තුව තේරැම්ගත්තා. ඒගැන කණගාටුව ප්‍රකාශ කරනවා. මේසම්බන්ධයෙන් ක්‍රියාකරන්න උපදෙස් දීලා තියෙනවා. අදාල සමාගම් අද හෝ හෙට කැදවලා අවශයනම් අලුත් සෝපානයක් ගෙන්වීමට අපි කටයුතු කරනවා

 

 

 

 

 

 

 

t

o

p