කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවස හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹඇත්තේ පාර්ලිමේන්තු විපක්ෂ නායකධූරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතා යන ස්ථාවරය අනුවය.
විපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන ගැටුම නිරාකරණය කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කර එහි අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන තෙක් විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටියි.
එම තත්ත්වය යතේ රටේ විපක්ෂ නායක ලෙස හිමි කිසිදු වරප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මහතාට නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය වැඩි දුරටත් සඳහන් කරයි.