යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

January 4, 2019

ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ.
කතානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයින් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශද සමගය.
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මුලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමෙන් යෝජනා සහ නිර්දේශ ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර මේ වන විට ඒ කාර්යය ද අවසන්ව පවතියි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටියි.
විධායක ජනාපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු බලතල වැඩිකිරිම, පළාත් සභා විධිමත් කිරිම, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල පැවරීම ආදී වැදගත් යෝජනා නිර්දේශ රැසක්ම විශේෂඥයින් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා කර තිබෙතැයි රජය ප්‍රකාශ කළේය.

t

o

p