Local News

‘‘ජිනීවා අභියෝගය ජයගන්නා මඟ’’ වැඩපිළිවෙළ 18ක් යෝජනා කෙරේ

ජිනීවා අභියෝගයෙන් ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඒ සඳහා ක‍්‍රියාකළ යුතු ආකාරයත්, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක හා මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ විසින් සිංහල හා ඉංග‍්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම සකස් කරන ලද ‘‘ජිනීවා අභියෝගය ජය ගන්නා මඟ’’ විශේෂ වැඩපිළිවෙළ 18ක් අන්තර්ගත කෘතිය අද (21) එළිදැක්විණ.

ජිනීවාහිදී ශෂීදරන් කර ඇති සාවද්‍ය ප්‍රකාශ ගැන ඇමතිවරු අප්‍රසාදය පළ කරති

හිටපු එල්ටීටීඊ ක්‍රියාකාරිකයෙකු වූ එලීලන්ගේ බිරිඳ ආනන්දි ශෂීදරන් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කර ඇති ප්‍රකාශ ගැන අප්‍රසාදය පළ කරන කැබිනට් ඇමතිවරු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පවතින සැබෑ තත්ත්වය ගැන මෙරට සහ පිටරටවල්වල තානාපති කාර්යාල මගින් අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.

එජාපයේ හදිසි යෝජනාව විවාදයට ගැනීම කතානායකවරයා ප්‍රතික්ෂේප කරයි

විපක්ෂය විසින් දැනටමත් භාරදී ඇති විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන හෙරොයින් භාවිතය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා අද (19) පාර්ලිමේන්තුවේදී  හදිසි සහ වැදගත් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ යෝජනාව, විවාදයට ගැනීම කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළේය.

මානව හිමිකම් ගැන ඇමරිකාවේ ආකල්පයට අප එකඟවන්නේ නෑ

මේ රටේ මානව හිමිකම් ගැන ඇමරිකාවේ ආකල්පයට අප එකඟ නොවන බවත් අභිමානයක් සහිත රටක් වන ශ්‍රී ලංකාව ලොකු හෝ පොඩි වුණත් මේ රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකළ කළ හැක්කේ මේ රජයට බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පිල්ලේට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන පැවැත්වීමට ප්‍රතිපාදන නෑ

මීට දින තුනකට පෙර  ඉදිරිපත් කරන ලද, ශ්‍රී ලංකාවට එරෙහි සංශෝධිත යෝජනාවේ ඇමරිකාව එහි අටවැනි ඡේදයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමේ වගකීම මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ වෙත පවරන බව යෝජනා කොට ඇත.

තිදෙනෙකු අත්අඩංගුවේ තැබීමේ හේතු ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ දී පැහැදිලි කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය කරමින් උතුරේ විනාශදායක ක්‍රියාවලට ආධාර කිරීමේ සැකය මත තිදෙනෙකු අත්අඩංගුවට සහ රැඳවුම් භාරයේ තැබීමට හේතු වූ විමර්ශන ගැන ශ්‍රී ලංකාව ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී කරුණු පැහැදිලි කළේය.

අතුරුදන් මැලේසියානු යානය සොයා ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට පරීක්ෂණ කණ්ඩායම්වලට ඉඩ

අතුරුදන්ව ඇති මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ගුවන් යානා සඳහා ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට අවසර ලබා දී ඇතැයි රජය ප්‍රකාශ කරයි.

ශී‍්‍ර ලංකාවට පීඩනයක් යෙදවීමට මානව හිමිකම් අවියක් කර ගැනීම තම රජය දැඩි ලෙස හෙළා දකිනවා

– නියෝජ්‍ය චීන තානාපති රෙන් ෆාෂියෑන් මහතා අවධාරණය කරයි මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කොමිසම හමුවට මාර්තු මස අග ඉදිරිපත් කෙරෙන යෝජනාවේ දී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට චීන රජය සූදානම් බව ශී‍්‍ර ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති රෙන් ෆාෂියෑන් මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින සියලු ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර

අන්තර්ජාතික මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තවත් ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු හෙට (19) නිදහස් කරන බව නාවික හමුදාව පවසයි.

කච්චතිව් දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යයට පන්දහසකට අධික බැතිමතුන් එක් වේ

කච්චතිව් දූපතේ ඓතිහාසික දේවස්ථානයේ සාන්ත අන්තෝනි මුනිතුමන්ගේ දිව්‍යමංගල්‍යය වෙනුවෙන් අද (16) පෙරවරුවේ ආරම්භ වූ දිව්‍ය මෙහෙය සඳහා ඉන්දියානු හා ශ්‍රී ලාංකික බැතිමත්හු පන්දහසකට වැඩි පිරිසක් දූපතට එක් ව සිටියහ.

t

o

p