වමේ පොදු අපේක්ෂකයා දුමින්ද නාගමුව

November 28, 2014

වමේ පොදු අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මෙවර ජනාධිපතිවරණයට තරඟවදින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

වමේ පක්ෂ අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔහු මෙවර තරඟකිරීමට තීරණය කළ බව ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

වෑඩි දුරටත් අදහස් දක්වමින්  පුබුදු ජයගොඩ මහතා

දීර්ඝ කාලයක් තිස්සේ වමේ පක්ෂ අතර පැවති සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් හැටියට මෙවර ජනාධිපතිවරණයට වමේ විකල්පයක් ඉදිරිපත් කිරීමට මෙවර වාමාංශික පක්ෂ තීරණය කරල තියෙනවා. ඒ අනුව මෙම මාධ්‍ය සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදි පක්ෂය, නව සමසමාජ පක්ෂය, ශ‍්‍රී ලංකා සමාජවාදි පක්ෂය සහභාගීවන අතර තව පක්ෂ සහ සංවිධාන ගණනාවක් ඉදිරියට මෙම ක‍්‍රියාමාර්ගය සමග එක් වීමට නියමිතය. මේ වන විට ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂත්, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසට මෛත‍්‍රීපාල සිරිසේනත් ඉදිරිපත් වී සිටියි.

මුලදි ජනාධිපතිවරණය පිළිබඳ සංවාදය තිබුණේ ප‍්‍රතිපත්තිමය කාරණා වලට අදාළවයි. විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ සාකච්ඡාවක් ලෙසට එම සංවාදයට අපිත් සහභාගි වුණා. ටික කාලෙකට පස්සෙ ඒක අපේක්ෂකයින් පිළිබඳ සංවාදයක් බවට පත් වුණා. ඒ අනුව මහින්දට තුන් වරක් බෑ, පොදු අපේක්ෂකයා කවුද? රනිල්ද? වමේ පොදු අපේක්ෂකයා කුමාර් ගුණරත්නම් සහෝදරයද? වගේ ප‍්‍රශ්න තමයි ඉදිරියට ආවේ. දැන් ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධි කතාවක් කියනවා. ඒ වුනාට අධිරාජ්‍යවාදි අරමුණු වෙනුවෙන් කොළඹ නාගරික කම්කරුවන් දහස් ගාණක් පලවා හැරියෙ, ලංකාව අන්තර් අධිරාජ්‍යවාදි ප‍්‍රතිවිරෝධවල ගොදුරක් බවට පත් කළේ, මේ ආණ්ඩුව.

2006 දි ඇමරිකාවේ හමුදා පුහුණුවට වරායන් සපයන්න එකඟත්වයන්ට ඇවිත්, අධිරාජ්‍යවාදි වැඩපිළිවෙල රට ඇතුළේ ක‍්‍රියාත්මක කරමින් අධිරාජ්‍ය විරෝධය මවා පානවා. විපක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය වගේ දේවල් ගැන කතා කරනවා. එහෙම කතා කරන්නෙ 80 දශකයේ අගදි තරුණ තරුණියන් දහස් ගානක් මරා දැමීමෙ චෝදනා ලබන රනිල් වික‍්‍රමසිංහ, 1994 දි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා යැයි තමන් ලිඛිතව ලබා දුන් පොරොන්දු කඩ කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා.

වංචා දූෂණ වලට කුප‍්‍රකට චරිත යහපාලනය ගැන කතා කරනවා. අධිරාජ්‍යවාදින් අධිරාජ්‍ය විරෝධය ගැන කතා කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා. දූෂකයින් යහ පාලනය ගැන කතා කරනවා. මෛතීපාල සිරිසේන අඬන්නෙ, මැදපෙරදිග වද විදින කම්කරු ජනතාව වෙනුවෙන් නෙවේ, චන්ද්‍රිකා අඬන්නේ උතුරේ ඝාතනය වුණ පීඩිතයින් වෙනුවෙන් නෙවෙයි. කොයි පැත්තට දින්නත් ජනතාවගේ ප‍්‍රශ්නෙ විසඳෙන්නෙ නැහැ. ඇත්ත විකල්පය තියෙන්නෙ වාමාංශික විකල්පය තුළයි. වමේ පෙරමුණ වාමාංශිකයින්ගෙ පෙරමුණක් විතරන් නෙවෙයි. ප‍්‍රගතිශීලීන්ගෙ, ප‍්‍රජාතන්ත‍්‍රවාදින්ගෙ, කම්කරුවන්ගෙ, ගොවීන්ගෙ, තරුණයන්ගෙ, කාන්තාවන්ගෙ, පීඩිත ජනතාවගෙ පෙරමුණක්. ඒ අනුව තමයි දුමින්ද නාගමුව සහෝදරයව වාමාංශික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ.

 

වමේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දුමින්ද නාගමුව මහතා මෙසේ අදහස් දෑක්වීය

ප‍්‍රධාන කඳවුරු දෙකක්, තිප්පොළවල් දෙකකට බෙදිලා අපිට එකකට එන්න කියනවා. එකම කොළ කුට්ටම අනල ජනතාව ඉස්සරහා තියලා කියනවා එකක් වෙනස් කියලා. ධනපති කඳවුරට වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා විතරක් නෙවෙයි, මිනිස්සුන්වවත් වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. නිදහස කියන්නේ උතුම් වචනයක්. ඒක කෙළෙසන්න එපා. මෛත‍්‍රී, චන්ද්‍රිකා කතා කරන්නෙ මේ රටේ වැඩ කරන ජනතාවගේ නිදහස ගැනද? හැමෝගෙම වේදනාව, පීඩාව පාවිච්චි කරල තමන්ගෙ වේදනාවන්ට පිළිතුරක් හොයා ගන්නයි මේ හදන්නෙ.

කම්කරුවන්ට නිදහස, ශිෂ්‍යයන්ට නිදහස, මාධ්‍යවේදින්ට නිදහස, උතුරේ පීඩිතයන්ට නිදහස හම්බ වෙන්නෙ නැහැ. එකට හොරකමේ ගිය කට්ටිය බෙදා ගන්න බැරුව අපි ඉස්සරහට ඇවිත් ඉන්නවා. අපි දීර්ඝ කාලීන උත්තරයක් ඉදිරිපත් කරනවා. ආර්ථිකය, රාජ්‍ය ව්‍යුහය, ජාතික ප‍්‍රශ්නයට අදාළව අපි ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරල තියෙනවා. ක‍්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා හැමෝම කියනවා. ක‍්‍රමය වෙනස් කරන්න නම් විෂමතාවය අහෝසි කළ යුතුයි. එහෙම කියල අපි නවතින්නෙ නැහැ.

දැනට තියෙන ප‍්‍රශ්න වලට එරෙහිවත් අපි සටන් කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැටළුවේදි ව්‍යවස්ථාදායකය, අධිකරණය, විධායකය අතර බල තුලනයකින් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හදන්න සූදානම් වෙන්නෙ. අපි අහනවා ජනතාවට බලය පවරන්න ලෑස්තිද? ජනතාවගේ යෝජනාවලට අනුව ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ලෑස්තිද? හදන ව්‍යවස්ථාව ජනතාව අතර සංවාදයට ලක් කරන්න ලෑස්තිද? ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්න ලෑස්තිද? ජාතික ප‍්‍රශ්නයට නියම විසඳුම ලැබෙන්නෙ ජනතා ආණ්ඩුවක් යටතෙයි. නමුත් එතෙක් බලා ඉන්නෙ නැතුව, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න වලට පෙනී සිටින්න අපි සූදානම් වෙන්න කියලා

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p