Local News

බර්ටි ගුණතිලකට ඇමති විමල් කොළඹින් නිවසක් දෙයි

අඩ සියවසකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයෙත් රසික හදවත් තුළත් නොමැකෙන නාමයක් සනිටුහන් කළ ප්‍රවීන කලා ශිල්පී බර්ටි ගුණතිලක මහතාට ප්‍රතිකාර ගැනීමේ පහසුකම් සඳහා කොළඹින් නිවසක් ඒ මහතාට ලබාදීම ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පසුගියදා සිදුකෙරිණ. බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන මහලේ පිහිටි නිවාස අමාත්‍යාංශයේ දී මෙම නිවසේ Read More

වසර ගණනකට පසු එජාපයේ ඡන්ද ප්‍රතිශතය 40% පනී – ඌව සන්ධානයට

ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ක් ප්‍රසාද මන්ත්‍රී ආසන 2ද සමගින් මන්ත්‍රී ආසන 19ක්ද, ලබාගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 274,773ක් සමගින් මන්ත්‍රී ආසන 13ක් ලබා ගැනීමට සමත් විය. ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 36,580ක් මන්ත්‍රී ආසන Read More

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් පත්වේ

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඊයේ(20) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දි මෙම දිවුරුම් දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.එච්.එම්.ඩි නවාස් මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දි තිබේ. මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ද අභියාචනාධිකරණ විනිසුරුවරියක වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දි Read More

ඌව ඡන්දය

ඌව පළාත් සභාව සඳහා සභිකයන් 32 තෝරා ගැනීමේ ඡන්ද විමසීම (20) පැවැත් වේ.මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 942,730කි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි ඡන්ද දායකයන් 609,966 සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 332,764 වශයෙනි. මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 316ක සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 516ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසීම සඳහා පිළිගත් Read More

රට අවුලන SMS යැවුවොත් අත්අඩංගුවේ

ජාතීන් අතර වෛරයක් ඇතිවන පරිදි කෙටි පණිවිඩ(එස්.එම්.එස්) යැවූ බව කියන සැකකරුවන් සිව්දෙනෙකු එළඹෙන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඈත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී ඈත.  

වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා

චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු හඬ ආ දෙසට හාරාගෙන යද්දී දුටුවේ වසර 17 කට පෙර පොළොව යට වැළලී එහෙත් නොමැරී සිටින පුද්ගලයෙකි. 1997 Read More

600cc අධිබල ට‍්‍රැෆික් බයික් රට පුරා..

පසුගිය පළමුවැනිදා සිට මහා මාර්ගවල රථ විහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදවා ඇති හයිවේ ට‍්‍රැෆික් විශේෂ පොලිස් යතුරු පැදි බල ඇණිය හේතුවෙන් රිය අනතුරු අවම වී ඇතැයි පොලිස් රථ වාහන මූලස්ථානය පවසයි. එන්ජින් ධාරිතාවය 600 සීසී බලයකින් යුතු යතුරු පැදි 315 ක් හයිවේ ට‍්‍රැෆික් රාජකාරි සඳහා යොදවා ඇති අතර ඒ සඳහා විශේෂ පුහුණුව ලත් රථ Read More

කිවුවෙ නම් විදුලි පුටුවට යනව කියලා.. දැන් බයවෙලා යුධ අපරාධ පිළිඅරන් කමිටු පත් කරලා

රට වෙනුවෙන් ‘විදුලි පුටුව’ ට යාමට වුවද සූදානම් කී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට නොදන්වා සිදුවූවා යැයි කියන යුද අපරාධ ගැන පරීක්ෂණයක් පිළිගෙන ඇති බව පසුගිය ජූලි 15දා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් තහවුරු වන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. එම පක්‍ෂය විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. Read More

ලොවක් බලාසිටි නඩු තීන්දුව

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ. 2011 නත්තල් දිනයේදී තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී  මෙම ඝාතනය සහ දුෂණය සිදුව තිබිණ. කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර Read More

චීන තානාපති ආර්යාව වෙතින් මුදල් පරිත්‍යාග

ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමාගේ ආර්යාව වන ඩින්ග් යූ‍ ‘Ding Yue’  (ජූලි 17) දින රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අයෝමා රාජපක්ෂ මහත්මිය අමාත්‍යාංශ පරිශ්‍රයේදි හමුවිය. මෙහිදි රණවිරු දුවාදරුවන්ගේ අධ්‍යාපන මටිටම උසස්කිරිම සඳහා සභාපතිනිය වෙත මුදල් පරිත්‍යාගයක් ද පිරිනමන ලද අතර මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි ඉන්දු රත්නායක මහත්මියද එක් වූවාය. Read More

t

o

p