වසර ගණනකට පසු එජාපයේ ඡන්ද ප්‍රතිශතය 40% පනී – ඌව සන්ධානයට

September 21, 2014

ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ක් ප්‍රසාද මන්ත්‍රී ආසන 2ද සමගින් මන්ත්‍රී ආසන 19ක්ද, ලබාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 274,773ක් සමගින් මන්ත්‍රී ආසන 13ක් ලබා ගැනීමට සමත් විය.

ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 36,580ක් මන්ත්‍රී ආසන 2ක් හිමිකර ගෙන තිබේ.

ඒ අනූව සමස්ත ප්‍රතිඵලය ප්‍රතිශතයක් ලෙස ගත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 51.25ක් ලබාගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය පෙර මැතිවරණවලට සාපේක්ෂව සියයට 40.24ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ සියයට 5.36ක ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ.

win

Sammy

Previous story Next story

Leave a comment

t

o

p