නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් පත්වේ

September 21, 2014

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඊයේ(20) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දි මෙම දිවුරුම් දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.එච්.එම්.ඩි නවාස් මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දි තිබේ.

මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ද අභියාචනාධිකරණ විනිසුරුවරියක වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දි දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p