21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබේ.
මීට පෙර මේ සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද මේ වන විට එම පිරිස 6,000කින් ඉහළ ගොස් තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියි.
මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුඳ යෙදවීමට නියමිත බවයි එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරමුණ කරගෙන මෙසේ පොලිස් නිලධාරීන් ප්‍රමාණය වැඩි කළ බවයි සඳහන් වෙයි.