Local News

ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජාතික කාන්තාවන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතුයි

2015 ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජාතික කාන්තාවන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මුහුණු ආවරණ ඉවත් කොට තම අනන්‍යතාව තහවුරු කළ යුතු යැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරිවල නියුතු වී සිටින කාන්තා නිලධාරිනියක් වෙත මුහුණු ආවරණය ඉවත් කොට සිය අනන්‍යතාව තහවුරු කළ යුතු අතර Read More

අවසරලත් ඡන්ද කාර්යාල පවත්වාගෙන යාම අදින් අවසන්

ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල අද (06) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව පවත්වාගෙන යා නොහැක. අවසරලත් නිවේදිත පක්ෂ කාර්යාලවල ඇති ප්‍රචාරක පුවරු ඉවත් කරවීම අද සිට සිදු කරනු ලැබේ. අද පෙරවරුවේ මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමට දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය මූලස්ථානවල පොලිස් නිලධාරීන්ගේ හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් පැමිණෙනු ඇත. එමෙන් ම හෙට (07) Read More

කොළඹ නගරය මැදදී ගිනි තබා ගත් පුද්ගලයා මරුට

ඊයේ දිනයේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලදී තම සිරුරට ගිනි තබාගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ජිනදාස පෙරේරා නමැති 72 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇත.  

මහින්දත් මෛත‍්‍රීපාලත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ එලි දක්වන්න පමා කරපු හේතුව

ජනවාරි 08 වැනි දාට ලෝක විනාශය සිදු නොවන බවත් එදිනෙන් පසු ජනතාවට නිවාඩු නොලැබෙන බවත් සැබෑ ජනතා ක‍්‍රියාකාරීත්වය සහ සැබෑ දේශපාලනය ආරම්භ වන්නේ ජනවාරි 09 වන දායින් පසුව බවත් වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ දේශපාලන අවකාශය තුළ ජනතාවට වැඩි වැඩියෙන් අදාළ වන්නේ වාමාංශික දේශපාලනය නිසා මෙවර ජනාධිපතිවරණයේ දී වමේ පෙරමුණට Read More

දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්

අද (05) දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවේ.

බස් රථ සේවකයින් සඳහා නොමිලේ රක්ෂණාවරණයක්

අන්තර් පළාත් මගී ප්‍රවාහන බස් රථ සේවකයින් සඳහා රුපියල් ලක්ෂ 05ක වටිනාකමින් යුතු පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් නොමිලේ ලබාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග එක්ව මෙම රක්ෂණාවරණය ලබාදෙනු ලබන අතර “මග සුමිතුරු“  නමින් එය හඳුන්වා තිබේ.  බස් රථ සේවකයින්ට මහඟු සවියක් වන මෙම රක්ෂණ වැඩපිළිවෙල   කොමිෂන් සභාවේ Read More

දුරුතු පුන් පොහොය අදයි

වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර ප‍සළොස්වක පොහෝ දිනය අද (04) යෙදී ඇත. ශ්‍රී ලක්වාසීන් සියලු ම දෙනාට අද දින වැදගත් වන්නේ බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ පොහොය අද දින වීම හේතුකොට ගෙනය. අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා Read More

ජාතික ශිෂ්‍යභට බලකායේ වාර්ෂික මහා සම්මේලනය කොළඹ මියුසියස් විද්‍යාලයේ දී

ජාතික ශිෂ්‍යභට බලකායේ වාර්ෂික මහා සම්මේලනය පසුගියදා කොළඹ මියුසියස් විද්‍යාලයේ පීටර් ද ආබෲ ශ්‍රවණාගාරයේ දී ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) එස්. හෙට්ටිආරච්චි මහතා සහභාගී විය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිෂ්‍යභට Read More

“රට වටලෑම” – තියරියෙන් හැප්පෙමු

“රට වටලෑම” යන මැයෙන් ප්‍රවීන සමාජ විශ්ලේෂකයෙකු මෙන්ම ප්‍රවීණ සාහිත්‍යධරයෙකු වන කුමාර ලියනගේ මහතා විසින් රචිත නව ග්‍රන්ථය සමාජගත කිරීම අද (ජන 02) සවස තුනට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවේ. මෙහි ප්‍රධාන දේශනය ආචාර්‍ය නලින්ද සිල්වා මහතා විසින් සිදුකරනු ඇත. ඇමරිකානු නව ලිබරල් අධිරාජ්‍යවාදයේ හැසිරීම ,ආසියානු නව සියවස සහ එහි අපගේ භූමිකාව , කොටි සංවිධානය Read More

මෛත්‍රී සමග ගිවිසුම් ගෑහුවේ නෑ

කුමාර් ගුණරත්නම්ලා රටෙන් ගිය ආකාරයත් යළි රටට පැමිණෙන ආකාරයත් දකිද්දී ඔහු ඉටුකරමින් ඉන්නේ ආණ්‌ඩුවේ අවශ්‍යතාව බව පැහැදිලි වන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය. බංකොලොත් වූ ආණ්‌ඩුව මේ දවස්‌වල එක එක ජාතියේ නළුවන් ආනයනය කරනවා. එක වෙලාවක සලමන් ඛාන්, තව වෙලාවක ජැක්‌ලින්, තවත් වෙලාවක ගුණරත්නම් වැනි නළුවන් Read More

t

o

p