අතුරු අයවැයෙන් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම දීමනාවක් ලෙස මෙම මස සිට

February 11, 2015

2015 අයවැය යෝජිත රුපියල් 10000ක පඩි වැඩිවීමෙන් පෙබරවාරි සිට ලබාදෙන රුපියල් 5000ක මුදල රාජ්‍ය සේවකයන්ට ගෙවනු ලබනුයේ දීමනාවක් ලෙසය.  එම වැඩිවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යංශය විසින් එයට අදාළ චක්‍ර ලේඛය සියලුම අමාත්‍යංශ වෙත පෙබරවාරි 11දා නිකුත් කොට ඇත.

ඒ අනුව රාජ්‍ය අංශයේ සේවයේ නියුතු නිලධරයන්ට දැනට ගෙවනු ලබන රුපියල් 3000ක දීමනාවට අමතර ව පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි තවත් රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලැබේ. රාජ්‍ය අංශයේ නිලධරයන්ට ගෙවීමට යෝජිත මාසික රුපියල් 10,000ක දීමනාවෙන් ගෙවිය යුතු ඉතිරි මුදල වන රුපියල් 2000ක ප්‍රමාණය ලබන ජුනි මස සිට ගෙවීමට කටයුතු කෙරේ.
විශ්‍රාමිකයන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2500ක මාසික අන්තර් දීමනාවට අමතර ව අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තවත් රුපියල් 1000ක දීමනාවක් ද ගෙවනු ලැබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p