UNP නව සභාපති මලික්

February 9, 2015

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස මලික් සමරවික‍්‍රම මහතා පත්කර තිබේ.අද පෙරවරුවේ රැුස් වු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම පත්කිරීම සිදුකළ බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි අමාත්‍ය කබීර් හෂීම් මහතා පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත්කිරීමත් සමඟ එම ධුරය පුරප්පාඩු වී තිබුණි.එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වරට අද පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වු අතර එහිදි පක්ෂයේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡුා වී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p