විමුක්ති එන්නේ නෑ

February 9, 2015

තමාගේ පුත් විමුක්ති කුමාරතුංග දේශපාලනයට කොහෙත්ම නොපැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙරේදා (07දා* මහනුවරදී පැවැති උත්සවයකදී සභාවෙන් නැගුණු පැනයකට පිළිතුරු දෙමින් පැවසුවාය.

කුමාරතුංග මහත්මිය මේ බැව් පැවසුවේ 07දා පෙරවරුවේ මහනුවර කටුගස්තොට පාරේ මහවැලි රිච් හෝටලයේදී පැවැති පසුගිය මැතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය උදෙසා ක‍්‍රියා කළ මාත‍ලේ හා අම්පාර ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් උදෙසා ස්තුතිය පළකිරීම සඳහා කුමාරතුංග මහත්මිය විසින් පවත්වනු ලැබූ සාදයේදීය.තමන්ගේ ඉල්ලීම පරිදි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පැමිණ සිටි පිරිසට තම ගෞරවයත් ස්තුතියත් පුද කරන බව පැවසූ කුමාරතුංග මහත්මිය පැමිණ සිටි අය ඉදිරිපත් කළ ප‍්‍රශ්න රැුසකටද පිළිතුරු දුන්නාය. මෙහිදී එක් නියෝජිතයෙක් ඉදිරියේදී ශ‍්‍රීලනිපයේ අපේක්ෂකයකු වශයෙන් විමුක්තිව දේශපාලනයට යොමු කරන මෙන් කුමාරතුංග මහත්මියගෙන් ඉල්ලා සිටියේය. සාදයට සහභාගි වූ සියලූ‍ දෙනාම එය අනුමත කරමින් විනාඩි ගණනක් එක දිගටම අත්‍පොළසන් දෙමින් අප කාගේත් ඉල්ලීම එය යැයි කියා සිටියහ.

මෙහිදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියා සිටියේ ”නෑ කොහෙත්ම නැහැ. විමුක්ති දේශපාලනයට එන්නේ නෑ” යනුවෙනි.

මෙහිදී රට තුළ මේ දිනවල පවතින විවාදාත්මක කරුණු රැුසකට ඇය පිළිතුරු ලබා දුන් අතර ශ‍්‍රීලනිපයේ අයට ඇමැතිකම් අඩුවෙන් ලැබිම පිළිබඳව කළ විමසුමට පිළිතුරු දෙමින් පැවසුවේ ශ‍්‍රීලනිපයෙන් පැමිණි පිරිස අඩු වූ හෙයින් එම තත්ත්වය උදා වූ නමුත් එදා නොපැමිණි අය අද ‍පෝලිමේ එන බව ද සඳහන් කළාය. ඉන් කිහිප දෙනෙකු කෙසේවත් භාර නොගැනීමට තීරණය කර ඇති බවත් කියා සිටියාය.

එම්.ඒ.සී. විජයසිරි – පදියතලාව

Sammy

Previous story Next story

Leave a comment

t

o

p