Local News

තමන්ට අවශ්‍ය පරිදි ලිංගිකත්වය සඳහන් කිරීමට ෆේස්බුක් වෙතින් අවසර

ෆේස්බුක් වෙබ් අඩවිය විසින් එහි සාමාජිකයින්ට රිසි පරිදි තම ලිංගිකත්වය සඳහන් කිරීමට අවසර ලබාදී ඇතැයි වාර්තා වේ. මේ වන විට ෆේස්බුක් විසින් ලබාදෙන ලිංගිකත්ව ආකාරයන් 58 තම ස්වභාවය පළකිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන බවට නැගුණු මැසිවිලි මත මේ සඳහා ඉඩකඩ විවර කිරීමට සමාජ ජාල දැවැන්තයා විසින් තීරණය කර ඇතැයි පැවසේ. ෆේස්බුක් වෙබ් අඩවියේ විවිධත්ව කණ්ඩායම පවසා Read More

දින 100 ඉක්‌ම ගියත් පොරොන්දු ඉටු කර මිස ඡන්දයකට යන්නේ නෑ

මේ ආණ්‌ඩුවේ දින සියය ඉක්‌ම වුවද දුන් පොරොන්දු සියල්ල ඉටු කර මිස මැතිවරණයකට නොයන බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.සමහරුන්ට මැතිවරණයකට යැමට හදිසි වුව ද ජනපති ප්‍රමුඛ ආණ්‌ඩුවට මැතිවරණවලට හදිසි නැතැයි ද අවශ්‍යව ඇත්තේ දුන් පොරොන්දු සියල්ල ඉටු කිරීම බවත් හෙතෙම කීය.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්‌වාධීන කොමිෂන් සභා ඇති කිරීම, ව්‍යවස්‌ථා Read More

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිදට ඇප

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට අද (27) කොළඹ අලුත් කඩේ අධිකරණය විසින් ඇප ලබා දී ඇත. ඊයේ (26) දිනයේදී ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් කොළඹ අලුත් කඩේ අංක 1 අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව අද (27) පහත සදහන් කොන්දේසි යටතේ ඇප ලබා දී ඇත. 1. රුපියල් 15000ක මුදල් Read More

හංස ගස්ලබු

තලාතුඔය ප‍්‍රදේශයේ නිවසක පැපොල් ගසක සෑදුනු හංසයකුගේ රුව සහිත පැපොල් ගෙඩියක්‌ තලාතුඔය නගරයේ පලතුරු වෙළෙඳ සැලක විකිණීමට ප‍්‍රදර්ශනයට තබා තිබූ අයුරු කැමරාවට මෙසේ හසුවිය.

දුම්රිය එනකන් Free WiFi

දුම්රිය මගීන්ට ප‍්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීමේ වයි ෆයි පහසුකම් ඉදිරියේදී ලබාදීමට යයි. ජංගම දුරකථන මගින් හා ලැප්ටොප් මගින් මෙම පහසුකම් ලබාගත හැකි ය. අභ්‍යන්තර ප‍්‍රවාහන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක‍්‍රියාත්මක කෙරෙන බව දුම්රිය අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවසීය.

යහ පාලනය – කෑමති අයට ඉඩ දෙනවා අකමෑති අය පන්නනවා

පෙරටුගාමී සමාජවාදී පක්ශයේ දේශපාලණ මණ්ඩල සභික කුමර් ගුණරත්නම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි වූ ආරම්භක වකවානුවේ සිටම එය පසුපස හඹා ආ රාජ්‍ය මර්දනයේ හස්තය විවිධ වේශයන්ගෙන් මේ වන විටත් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. පක්ෂය බිහි වීමට පූර්ව ආසන්න සමයේ අපගේ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයාත්, පක්ෂයේ ක‍්‍රියාකාරික කුගන් මුරුගානන්දන් සහෝදරයාත්, Read More

වසර 12කට පසු නිදහස ලැබුණු බොරදිය ‍පොකුණ

චිත්‍රපටවලට වාරණය පැනවීම් ලංකා සිනමාව තුළ අලුත් දෙයක් නොවේ. වාරණය කළයුතු ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශනය වෙද්දී වාරණය නොකළ යුතු ඇතැම් චිත්‍රපට වාරණය කරමින් තම තමන්ගේ මතිමතාන්තර අනුව වැඩ කිරීමට චිත්‍රපට සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ද විවිධ අවස්ථාවලදී ක්‍රියාකළ බව නොරහසකි. වාරණය නම් දංගෙඩියට හසුවූ තවත් තරුණ සිනමාකරුවෙකුගේ නිර්මාණයකට පසුගියදා නිදහස හිමිවිය. එය සතුටට කරුණකි. ඔහු සත්‍යජිත් මාඉටිපේයි. ඔහුගේ Read More

උෟරුමස්, එළුමස්, කුකුළුමස්, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මාළු ඔළු සමඟ පිටිදුවේ හිමියන් උපන් දිනය සමරති..

පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි. එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි විය. උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ Read More

නව යුද හමුදාපති වැඩ භාර ගනී

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (23) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත්තේය. නව යුද හමුදාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී උත්තමාචාර පෙලපාලියක් ද පැවැති අතර වැඩ භාරගැනීමෙන් අනතුරුව බත්තරමුල්ල යුද හමුදා ස්මාරකය වෙත ගිය ක්‍රිෂාන්ත ද සිල්වා මහතා Read More

ඇමති රාජිතට සියලූ දන්ත වෛද්‍ය සංගම්වලින් උපහාර

ලෝකයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ප‍්‍රථම දන්ත වෛද්‍යවරයා වන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර දැක්වීමේ වැඩසටහනක් රජයේ දන්ත වෛද්‍ය සංගමය හා ශ‍්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ඇතුළු දිවයිනේ සියලු ම දන්ත වෛද්‍ය සංගම් එක්ව පසුගියදා ගල්කිස්ස මහ හෝටයේ දී සිදු කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යවරයා වසර 15ක් පුරා රජයේ දන්ත වෛද්‍ය Read More

t

o

p