දින 100 ඉක්‌ම ගියත් පොරොන්දු ඉටු කර මිස ඡන්දයකට යන්නේ නෑ

February 27, 2015

මේ ආණ්‌ඩුවේ දින සියය ඉක්‌ම වුවද දුන් පොරොන්දු සියල්ල ඉටු කර මිස මැතිවරණයකට නොයන බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

සමහරුන්ට මැතිවරණයකට යැමට හදිසි වුව ද ජනපති ප්‍රමුඛ ආණ්‌ඩුවට මැතිවරණවලට හදිසි නැතැයි ද අවශ්‍යව ඇත්තේ දුන් පොරොන්දු සියල්ල ඉටු කිරීම බවත් හෙතෙම කීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්‌වාධීන කොමිෂන් සභා ඇති කිරීම, ව්‍යවස්‌ථා සංශෝධනය කිරීම, නව මැතිවරණ ක්‍රමය ඇති කිරීම වැනි පොරොන්දු ගණනාවක්‌ ආණ්‌ඩුව ජනතාව හමුවේ තබා ඇතැයි ද කී ඇමැතිවරයා ඒ සියල්ල ඉටු කිරීමට දින සියය ප්‍රමාණවත් නොවන්නේ නම් තවත් දින සියයක්‌ හෝ ලබාගෙන පොරොන්දු ඉටු කරන බව ද කීය.

නව මැතිවරණ ක්‍රමය ස්‌ථාපිත කර එමගින් මැතිවරණය පවත්වන බවත් වත්මන් පාර්ලිමේන්තුවට තවත් වසර දෙකක කාලයක්‌ ඉදිරියට ඇති නිසා මැතිවරණයකට හදිසි නොවිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ජනතාවට අවශ්‍ය දින සියයෙන් මැතිවරණයකට යැම නොවන බව ද දුන් පොරොන්දු ඉටුකර ගැනීම බව ද කී හෙතෙම තව දින ලබාගෙන හෝ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන්නේ නම් ජනතාවට ගැටලුවක්‌ නොවන බව ද කීය.

 

රනිල් ධර්මසේන

Sammy

Previous story Next story

Leave a comment

t

o

p