උෟරුමස්, එළුමස්, කුකුළුමස්, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මාළු ඔළු සමඟ පිටිදුවේ හිමියන් උපන් දිනය සමරති..

February 25, 2015

පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි.

උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි.

එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි විය.
උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි අයටත් දිවා ආහාරය පිණිස ලැබිණි.

ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගොස් දානය පූජා කිරීමේ ක්‍රමය එහිදී වෙනස් කර තිබිණි. ඒ වෙනුවට බුෆේ ක්‍රමයට තබා ඇති තැනට ගොස් ස්වාමීන් වහන්සේට දානය ලබා ගැනීමට සිදු විය.

සිරි සදහම් ආශ්‍රමයේම මස් මාළු බදිමින් දානයක් යැයි පවසමින් පැවැත්වූ සාදයට ආහාර සැකැසුණු අතර සුදු පැහැති මලකින් හිස සරසාගත් කතුන් විසින් දන් පිළිගන්වනු ලැබිණි.

මුහුදක් මත රැඳුණු හක්ගෙඩියක ස්වරූපයක් ගත් උපන් දින කේක් ගෙඩිය කපනු ලැබුවේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය විසිනි. ස්වාමීන් වහන්සේ දානය වළඳන අතරතුර කේක් ගෙඩිය කැපූ අතර එය අතුරුපස වශයෙන් ස්වාමීන් වහන්සේට බෙදා දෙනු ලැබුණේ මියුරු සංගීත රටාවක් මධ්‍යයේය.

මේ උපන්දින සැමරුම අවස්ථාවේදී ගාල්ල විජයානන්ද පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් සමන්තභද්‍ර හිමි විසින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීය. එම මුදල් බේරුතුඩුවේ ඥානවිසුද්ධි හිමියෝ විසින් භාර ගන්නා ලදී. ඥානවිසුද්ධි හිමියන් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේද වෙති.

10431476_793453474074679_7877175141579786482_n 11011260_793454144074612_964841741712419281_n 11025140_793454174074609_909916932170832586_n fssgsgh

– Mawbima

Sammy

Previous story Next story

Leave a comment

t

o

p