ඇමති රාජිතට සියලූ දන්ත වෛද්‍ය සංගම්වලින් උපහාර

February 24, 2015

ලෝකයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ප‍්‍රථම දන්ත වෛද්‍යවරයා වන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර දැක්වීමේ වැඩසටහනක් රජයේ දන්ත වෛද්‍ය සංගමය හා ශ‍්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ඇතුළු දිවයිනේ සියලු ම දන්ත වෛද්‍ය සංගම් එක්ව පසුගියදා ගල්කිස්ස මහ හෝටයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යවරයා වසර 15ක් පුරා රජයේ දන්ත වෛද්‍ය සංගමයේ ප‍්‍රධාන ලේකම් ධූරය දැරීමත් එතුමා දන්ත වෛද්‍ය වෘත්තියට ගෙන එන ලද අභිමානයත් අගයමින් මේ උපහාර උ‍ළෙල පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත වෛද්‍ය සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මේ අවස්ථාවේදී අභිනන්දන ඵලකයක් පිරිමන ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p