Local News

සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් ධුරයට

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා ශ්‍රී ලංකාවේ එකම ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා හමුදා සේවයට පළමුවරට හිමිවන උත්තමාචාර ගෞරවයක් වන මෙම නිලය සරත් ෆොන්සේකා මහතාට පිරිනමනු ලබයි. ෆීල්ඩ් මාෂල් ධුරයට පත්වන සරත් ෆොන්සේකා මහතාට එතැන් පටන් තරු පහක් හිමිවන Read More

19ට හෙළ උරුමය විරුද්ධයි

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජාතික හෙළ උරුමය සිය විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබි තිබෙන බලතල සම්පූර්ණයෙන් ඉවත් කර එම සියලු බලතල අග්‍රාමාත්‍යවරයාට හිමිවන බව රතන හිමියෝ පැවසූහ. වත්මන් රජය විසින් සිදුකළ මෙම ව්‍යවස්ථා සංශෝධනයන් හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධුරය දැරීමට ඇති Read More

ජාතික ගීය සිංහලෙන් එපා.. රටේම දෙමළෙන් කියමු.

ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ භාෂවෙන් පමණක් ගායනා කිරීමට වඩාත් ගැලපෙන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති. උන් වහන්සේ සඳහන් කරන්නේ ඇතැම් රටවල ප‍්‍රධාන භාෂාවෙන්ම ජාතික ගීය ගායනා නොකරන බවයි. ලංකාව කුඩා රටක් බැවින් සහ විවිධ ජාතිකත්වයන් විසින් තම භාෂාවන්ගෙන් ජාතික ගී ඉල්ලා සිටියහොත් ඇතිවන මහත් වියවුලෙන් ගැලවීම සඳහා දෙමළ Read More

ආහාර වර්ග තුනක් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මිල නියම කර තිබේ. ඒ අනුව කිරි තේ එකක් රුපියල් 25ක්ද, තේ එකක් රුපියල්, 10ක්ද, ආප්පයක් රුපියල් 10ක්ද වෙයි.

කුඩු ජාවාරම්කරු සිද්ධික් පාකිස්ථානයේදී අල්ලයි

ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු බවට සැලකෙන වෙළේ සුදාගේ ගෝලයෙකු වන සිද්දික් නැමැත්තා පාකිස්තානයේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මහින්දට ශ‍්‍රීලනිපයෙන් අවස්ථාව දීමට මෛත‍්‍රී සූදානම්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සදහා අවස්ථාව ලබාදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප සංවිධායකවරුන්ගේ රැස්වීමේදී ප‍්‍රකාශ කළේ යැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයකින් හෝ සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවට එක්සත් ජාතික Read More

19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය කියන්නේ අවබෝධතා ගිවිසුමක්

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන 19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. රජය විසින් එළබෙන 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 19 වන ව්‍යාවස්ථා සංශෝධනය පිළිබදව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට පැවති 18 දින පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ Read More

ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට..

ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ‍ 9කින් පරාජයට පත්කරමින් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ‍්‍රී ලංකාවට තරගාවලියේ ඉවත්වීමට සිදුවිය. ශ‍්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදී ලකුණු 133ක් රැුස්කළ අතර එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් වැයකර පසුකර යාමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමත්විය. මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් Read More

ලෝක රූකඩ නාට්‍ය දින සැමරුම් උළෙල 21වනදා

2015 ලෝක රූකඩ දින සැමරුම් උළෙල’ මාර්තු 21වන දින ‍ප.ව. 4.00ට මාතර නිල්වලා ගුරු අධ්‍යාපන පීඨයේ දී  සංස්කෘතික  කටයුතු රාජ්‍ය අමාත්‍ය  නන්දිමිත්‍ර ඒකනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. රූකඩ නාට්‍ය ශිල්පීන්ගේ සේවාව අගයකිරීම සදහා සෑම වසරකම මාර්තු 21වන දින ‘ලෝක රූකඩ දිනය’ ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති අතර  ශ්‍රී ලංකාවේ මුල්වරට ලෝක රූකඩ දින Read More

හරීන් ඕස්ටේ‍්‍රලියාවට.. රවින්ද්‍ර වැඩ බලයි..

ඌව පළාතේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර මහතා ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දී තිබේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත ව සිටින බැවින් රවීන්ද්‍ර සමරවීර මහතා වැඩබලන මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

t

o

p