ලෝක රූකඩ නාට්‍ය දින සැමරුම් උළෙල 21වනදා

March 19, 2015

2015 ලෝක රූකඩ දින සැමරුම් උළෙල’ මාර්තු 21වන දින ‍ප.ව. 4.00ට මාතර නිල්වලා ගුරු අධ්‍යාපන පීඨයේ දී  සංස්කෘතික  කටයුතු රාජ්‍ය අමාත්‍ය  නන්දිමිත්‍ර ඒකනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

රූකඩ නාට්‍ය ශිල්පීන්ගේ සේවාව අගයකිරීම සදහා සෑම වසරකම මාර්තු 21වන දින ‘ලෝක රූකඩ දිනය’ ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති අතර  ශ්‍රී ලංකාවේ මුල්වරට ලෝක රූකඩ දින සැමරුම 2005වසරේ පැවැත් විය.

එදා සිට අද දක්වාම වර්ෂයක් පාසා ලෝක රූකඩ නාට්‍ය දින සැමරුම උත්කර්ෂවත්  ලෙස පවත්වා ඇති අතර ඒ අනුව සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය රූකඩ රූපන අනුමණ්ඩලය එක්ව ලෝක රූකඩ දින සැමරුම් උළෙල ශ්‍රී ලංකාවේදී සංවිධාන කරනු ලැබේ.

මෙවර ලෝක රූකඩ දින සැමරුම් උළෙලේ දී දේශීය රූකඩ කලාව පිළිබදව විශේෂ දේශනයක් මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා විසින් සිදුකිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p