සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් ධුරයට

March 20, 2015

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා ශ්‍රී ලංකාවේ එකම ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා හමුදා සේවයට පළමුවරට හිමිවන උත්තමාචාර ගෞරවයක් වන මෙම නිලය සරත් ෆොන්සේකා මහතාට පිරිනමනු ලබයි.

ෆීල්ඩ් මාෂල් ධුරයට පත්වන සරත් ෆොන්සේකා මහතාට එතැන් පටන් තරු පහක් හිමිවන අතර ඔහු කිසි දිනෙක නිලයෙන් විශ්‍රාම යන්නේ නැත. මීට අමතර ඔහුට විශේෂ වරප්‍රසාද රාශියක් හිමි වනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p