19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය කියන්නේ අවබෝධතා ගිවිසුමක්

March 19, 2015

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන 19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

රජය විසින් එළබෙන 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 19 වන ව්‍යාවස්ථා සංශෝධනය පිළිබදව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට පැවති 18 දින පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව  මෙලෙස පෑවසීය.

මාධ්‍ය හමුව සදහා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ රංජිත් පියතිලක සහ නිශාන්ත බණ්ඩාර යන අයද සහභාගීවිය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා…..

 

මේ වන විට 19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය ගෑස්ට්නිවේදනයක් හරහා නිකුත් කරලා මේ මස 24 වෙනිදා වන විට සම්මත කර ගන්න නියමිතව තියනවා.අපේ රටේ ව්‍යාවස්ථා සංශෝධන කියන්නේ වාර ප්‍රකාශනයක් වගේ. වසරක් පාසාම අලුත් සංශෝධනයන් එනවා.මේ ව්‍යාවස්ථා සංශෝධනයත් මීට කළින් කරපු ව්‍යාවස්ථා සංශෝධනයන් දිහා බෑලුවම අපිට පෑහෑදිලිවම පේන දේ තමයි මේ ව්‍යාවස්ථා සංශෝධන කෙරිලා තියෙන්නේ ඉන්න පාලකයාගේ බලය තහවුරු කරගන්න හරි නෑත්නම් ඔව්න්ගේ පුද්ගලික අවශයතා ඉටු කරගන්න කියලා. නෑතුව ජනතාවගේ ඉල්ලීම් සපුරණ ව්‍යාවස්ථා සංශෝධන කිසිවක් මේ වන තුරු කෙරිලා නෑ.  මේ ව්‍යාවස්ථාව සම්මත කරගන්නේ 1978 අගෝස්තු මාසේ 31  මේ ව්‍යාවස්ථාවට පළමු සංශෝධනය එන්නේ 1978 නොවෑම්බර් මාසේ 20 වෙනිදා ඒ කියන්නේ මාස දෙකහමාරක් යන්න කළින් පළමු සංශෝධනය ඈවිල්ලා.

පළමු සංශෝධනය ගේන්නේ මොකටද ? පළමු සංශෝධනය ගෙනාවෙ අභියාචනාධිකරණයට තිබු රීට්අඥා නිකුත් කිරීමෙ බලය ශේෂ්ඨාධිකරණයට පවරන්න. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මෑතිනියගේ ප්‍රජාඅයිතිය අහෝසි කරන්න කොමිසමක් කෑදවලා තිබුනා . ඒ කොමිසමට විරුද්දව එතුමිය අභියාචනාධිකරණයට ගිහිල්ලා අරන් තිබුනා රීට්අඥාවක් .ඒ රීට්අඥාවක් අහෝසි කරන්න තමයි පළමු සංශෝධනය ගේන්නේ.

1978 නොවෑම්බර් මාසේ 20 වෙනිදා ගෙනාපු සංශෝධනය බලපවත්වන්නේ 1978 අගෝස්තුවල ඉදලා ඒ කියන්නේ ආපස්සට ක්‍රියාත්මක වන පරිදි තමයි පළ්මු සංශෝධනය ගෙනාවේ. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මෑතිනිය ගත්ත රීට්අඥාව අහෝසි වෙන්න.

දෙවෑනි සංශෝධනය ආවේ පක්ෂ සමාජිකතිවය අහෝසි වෙනවානම් මන්ත්‍රී තනතුරත් අහෝසි කරන්න.
මේක ගෙනාවේ මන්ත්‍රීවරු 85 දෙනෙක් කෑමෑත්ත මේ සදහා තිබිය යුතුයි කියලා.මේ වෙනකොට ජේ.ආර් ජයවර්ධන මහත්තයාට හයෙන් පහක බලයක් පාර්ලිමේන්තුව තුල තිබුනා.මේ හයෙන් පහක බලය අනුව යුඑන්පී එකට පුලුවන් මන්ත්‍රී කෙනෙක් විරුද්ධ පක්ශයට ගියොත් මන්ත්‍රී තනතුර අහිමි කරන්න.ඒ 85 කට වඩා මන්ත්‍රීන් ඔව්න් ලග ඉන්න නිසා. හෑබෑයි විපක්ශයේ ඉදලා අණ්ඩුපක්ෂයට අ ගියොත් මන්ත්‍රී තනතුර අහෝසි කරන්න බෑ. ඒ විපක්ශයේ මන්ත්‍රීන් 85 නොමෑති නිසා.

1982 දෙසෑම්බර් මාසේ සංශෝධනය ගේන්නේ ඒ පාර්ලිමේන්තු ධුර කාළය දික්කර ගන්න.ඒ සංශෝධනය ගේන්න ජනමත විචාරනයක් අවශය වුනා. ඔබට මතක ඈති ලාම්පු කළගෙඩි සෙල්ලම.

මේ විදිහට ව්‍යාවස්ථා සංශෝධනය සියල්ලක්ම පාහේ ගෙනල්ලා තියෙන්නේ පාලකයින්ගේ පෑවෑත්ම වෙනුවෙන්. අපි විහිලු කතා පොත් කියවනවා වගේ තමයි මේ සිදු වුන ව්‍යාවස්ථා සංශෝධන ගෑන කියවලා බලද්දී තෙරෙන්නේ . 18 වෑනි සංශෝධනය ගෙනාවේ මහින්දට ධුර කාළය දික්කරගන්න සහ පුතාව ජනාධිපති අපේක්ශකත්වයට ගන්න. දෑන් මේ ගේන්න හදන 19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඈති අවබෝධතා ගිවිසුමක් .

Sammy

Previous story Next story

Leave a comment

t

o

p