Local News

ටිකිරි සිනා පුරනා පුංචි පිනැත්තී

වැඩ ඉවර වී එන විට මටත් මගේ මිතුරාටත් වයස අවුරුදු 5ක් පමණ වන මේ පින්බර සාමණේර මෙහෙණින් වහන්සේ නෙත ගැටුනි. වයසින් වැඩිහිටි මෙහෙනින් වහන්සේලා දෙනමක් සමඟ සිටි සාමණේර මෙහෙනින් වහන්සේ වැඩිහිටි මෙහෙනින් වහන්සේගේ සිවුරේ එල්ලෙමින් සිනාමුසු මුහුණින් මහමඟ දෙස බලා සිටියාය. පිනෙන් පිරැණු ඕ දුටු විට ඒ මොහොතේ හැටියට අපට කුමක්හෝ දෙයක් පූජා කිරිමට ඇත්නම් යැයි Read More

දේශපාලනය කියන එක අද සම්පූර්ණයෙන්ම ගේම් එකක් වෙලා ඉවරයි

මේ දේශපාලනය කියන එක අද සම්පූර්ණයෙන්ම ගේම් එකක් වෙලා ඉවරයි. අද තියෙන්නේ වචන හරඹ විතරයි. ඇට නැති දිව ඕන පැත්තකට නැවෙනවා වගේ. අද මේ දේශපාලකයෝ කියන හාදයන්ට ඕන දෙයක් ඕන විධියකට විග‍්‍රහ කරන්න පුළුවන්වෙලා තියෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි. පසුගිය 26 දා ගම්පහ ප‍්‍රදේශයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනහමුවක් Read More

සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය මෙන්න…

මව්බිමේ ඒකීයත්වය දිවි හිමියෙන් රකින බව එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දිනයේ එළි දැක්වූ මෙම මැතිවරණය සඳහා එළි දැක් වූ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ දැක්වෙයි. රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000 දක්වා වැඩිකරන බවත් පුද්ගලික අංශ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් ඉහල දැමීමට කටයුතු කරන බවත් එහි සඳහන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 – දුම්කොළ විරෝධී දින සම්මානය හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් දිනාගන්නා ලදී. සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කලාප 06කින් දුම්කොළ මර්දනයට කටයුතු කරනු ලබන පුද්ගලයන් සහ සංවිධාන ඇගයීමට ලක් කරනු ඇත. මෙම ඇගයීම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂි ඇගයීම් සම්මාන වන දුම්වැටි විරෝධි Read More

A/Lබාහිර පංති 29 වන දා සිට තහනම්…

එළැඹෙන 29 වනදා මැදියම් රැයේ සිට මෙවර උසස් පෙළ විභාගය අවසන් වන සැප්තැම්බර් 08 වනදා තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ දේශන, සම්මන්ත‍්‍රණ, වැඩමුළු පැවැත්වීම ඒ අනුව සපුරා තහනම් බවයි.

ප්‍රධාන පක්ෂ වලට තියෙන්නේ කොලේ වහලා ගහන ප්‍රතිපත්තියක්

ප්‍රධාන පක්ෂ කොලේ වහලා ගහන ප්‍රතිපත්තියක සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය   පවසයි . ඊයේ දිනයේ (26 ) අත්තිඩියේ පැවති ජනහමුව අමතමින් එම පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය. වෑඩි දුරටත් අදහස් දෑක්වු පුබුදු ජයගොඩ මහතා…….   අද වන විට 67 වසරකට පසු ලංකාවේ ආර්ථිකයේ ශේෂ පත‍්‍රය වෙලා තියෙන්නේ මොකක්ද? අපි කියන්නේ මේක තමයි ප‍්‍රමුඛ ප‍්‍රශ්නේ. හැමෝම කරනනේ Read More

ඛණිජ තෙල් මිල දැවැන්ත ලෙස පහල වැටේ…

2015 වසර තුළ ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල පහළ යාම 1986 වසරේදී මුහුණදුන් අර්බුදයටත් වඩා උග‍්‍රවනු ඇති බව මෝගන් ස්ටැන්ලි බැංකුවේ විශ්ලේෂකයින් පවසයි. ඔවුන් පවසා ඇත්තේ මෙම තත්වය තවත් වසර 3ක් හෝ වැඩි ප‍්‍රමාණයක් පැවතිය හැකි බවයි.  1986 දෙසැම්බර් මසදී එවකට පැවති ඛනිජ තෙල් මිල ඩොලර් 23.29 සිට 9.85 දක්වා කඩා වැටුණු අතර මේ වසරේ Read More

මෛත‍්‍රී එජාපයේද? ශ‍්‍රිලනිපයේද? හෙට තීන්දුයි

ශ‍්‍රිලනිප හා සන්ධාන නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හෙට දිනයේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයටට සහභාගී වන ලෙස ආරාධනා කර ඇති බව ශ‍්‍රිලනිප මහ  ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි. ඹහ ලේකම්වරයා පවසන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද නායකයා බැවින්,මෙම ආරාධනය කළ බවයි.

මහින්දට අගමැතිකම දෙන්නේ නෑමයි

මහින්ද රාජපක්ෂ මහතාට කිසිසේත්ම අගමැති ධුරය හිමි නොවන බව එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ඇමති චම්පික රණවක මහතා පවසයි. කොළඹදී පැවති එජාප ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට අගමැති ධුරය නොදෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබියදී ඔහු මැතිවරණ ක්‍රියාවලිය තුළ සිටීම ඵල රහිත ක්‍රියාවලියක් බවයි.

t

o

p