දේශපාලනය කියන එක අද සම්පූර්ණයෙන්ම ගේම් එකක් වෙලා ඉවරයි

July 28, 2015

මේ දේශපාලනය කියන එක අද සම්පූර්ණයෙන්ම ගේම් එකක් වෙලා ඉවරයි. අද තියෙන්නේ වචන හරඹ විතරයි. ඇට නැති දිව ඕන පැත්තකට නැවෙනවා වගේ. අද මේ දේශපාලකයෝ කියන හාදයන්ට ඕන දෙයක් ඕන විධියකට විග‍්‍රහ කරන්න පුළුවන්වෙලා තියෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

පසුගිය 26 දා ගම්පහ ප‍්‍රදේශයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනහමුවක් අමතමින් රවීන්ද්‍ර මුදලිගේ මහතා මේ බව පෑවසීය.

වෑඩි දුරටත් අදහස් දෑක්වු රවීන්ද්‍ර මුදලිගේ මහතා……
දැන් ඔය මර්වින් සිල්වා වගේ අය, වගේම මේ පසුගියදා ජනක බණ්ඩාර හිටපු ඇමතිතුමා වේදිකාවට නැගල කතා කරගන්න දෙයක් නැති පාර ගිහින් මහින්ද රාජපක්ෂට වැන්දා. එදා මහින්ද රාජපක්ෂ ගැන කියපු කතායි අද කියන කතායි ගත්තම මොකක්ද තේරෙන්නේ, දැන් ඔය චම්පික රණවක වගේ අය එදා රනිල් ගැන කියපු කතායි අද කියන කතායි ගත්තම මොකක්ද තේරෙන්නේ, අද දේශපාලන රැුස්වීමක මේ කියන දේශපාලකයෝ කතා කරන්න ගියාට පස්සේ හිතන්නේ තමන්ගේ ප‍්‍රතිපත්ති මිනිස්සුත් එක්ක සාකච්ඡුා කරන එක ගැන නෙවෙයි. අහවල් චැනල් එකේ මුල් නිව්ස් වලට දාගන්න පුළුවන් විධියට කොහොමද කට කැඩිච්ච කතාවක් කියන්නේ කියලා. දැන් රූපවාහිනි ගත්තම ඒවා මීට කාලෙකට කලින් දිව්වේ, ටෙලි නාට්‍ය වලින්, ඊට පස්සේ ඒවා දිව්වේ මෙගා නාට්‍ය වලින් අද වෙන කොට ඒක මේ රටේ දේශපාලකයෝ යැයි කියන අය ගොතන විහිලූ කතා වලින් තමයි දුවන්නේ. වැඩිපුරම හිනාවෙන්න, වැඩිපුරම කුණු රසය තියෙන කතා තමයි නැගලා යන්නේ.
මේ හින්දයි අපි කියන්නේ මේ කාලකන්නි දේශපාලනයට එරෙහිව අලූත් ජනතාවක් පත් කරගන්න ඕන කියලා. ඉදිරි සමාජය වඩා යහපත් කරගන්න නම් එහෙම අලූත් විකල්ප දේශපාලනයක් ගේන්න ඕන. ඔය මහ ලොකුවට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න හදනවයි කියන සමහර වාමාංශික යැයි කියා ගන්නා මහත්වරුත් අද කතාකරන්නේ මිනිස්සුන්ගේ මොලේට නෙවෙයි, නමුත් සැබෑ වාමාංශිකයෝ කියන්නේ පවතින ක‍්‍රමයට එරෙහි නිර්දය විවේචකයෝ. ඒත් ඔවුන් ජෝකර්ලා නෙවෙයි.
මේකට හේතුව තමයි මෙයාලට අද වේදිකාවල කතා කරන්න දෙයක් නෑ. මොකද මේ හැමෝම එකයි. ඒ නිසා කාටවත් ප‍්‍රතිපත්තිමය ලෙස අනෙක් අයට අභියෝග කරන්න බෑ, ඉතාම ලාබ විධියට මිනිස්සුන්ට දෙනවා කියන ලොසින්ජර සහන ගැනයි. කලින් කියපු විධිය විහිලූ දෙකතුනකුයි කරාම වෙලාව ඉවර වෙනවා.
නමුත් අපි කියනවා මේ රටේ ජනතාවට. අපි එන්නේ ජනතාවට විහිලූ සපයා දෙන්න නෙවෙයි. මේ සියල්ල ප‍්‍රශ්න කරන්න. සහ ඒ ප‍්‍රශ්නෙට උත්තරේ අපි හැමෝම එකතුවෙලා හදා ගමු කියන්න. අපි කතාකරන්නේ මේ රටේ පීඩිත කම්කරුවට, ගොවියට, ශිෂ්‍යාට, තරුණයාට, කාන්තාවට, විවිධ ජාතික ප‍්‍රජාවන්ට, එන්න අපිත් එක්ක සැබෑ වෙනසකට පෙළගැහෙන්න. වමේ බලයක් ගොඩනගන්න. සංවිධානය වෙන්න. සටන් කරන්න. වෙනස් කරන්න. මේ සමාජ ක‍්‍රමය. කොට්ටඋරයක් සේ කනපිට ගහන්න. ඒක තමයි අපේ කතාව.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p