ප්‍රධාන පක්ෂ වලට තියෙන්නේ කොලේ වහලා ගහන ප්‍රතිපත්තියක්

July 27, 2015

ප්‍රධාන පක්ෂ කොලේ වහලා ගහන ප්‍රතිපත්තියක සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය   පවසයි . ඊයේ දිනයේ (26 ) අත්තිඩියේ පැවති ජනහමුව අමතමින් එම පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.

වෑඩි දුරටත් අදහස් දෑක්වු පුබුදු ජයගොඩ මහතා…….

 

අද වන විට 67 වසරකට පසු ලංකාවේ ආර්ථිකයේ ශේෂ පත‍්‍රය වෙලා තියෙන්නේ මොකක්ද? අපි කියන්නේ මේක තමයි ප‍්‍රමුඛ ප‍්‍රශ්නේ. හැමෝම කරනනේ කොලේ වහල ගහන එක. ලංකාවේ විතරක් නෙවෙයි ලෝක පරිමාණයෙන් මතු වෙලා තියෙන මේ අර්බුදයට  ඕන පැලස්තර නෙවෙයි. සැබෑ වෙනසක්.
ඔබ දන්නවාද, දැන් ඔය මොණ කයි කතන්දර කිව්වත්, පහුගිය හවුල් ආණ්ඩුවයි, සන්ධාන ආණ්ඩුවයි ගත්තම, ඉදිරිපත් කරපු අය වැය දෙකම එකයි. ඒ කිව්වේ ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය එකයි. ඉලක්කම් පවා. ඔවුන් වැඩිපුරම මුදල් හොයා ගන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව මත බදු පටවලා. ලංකාවේ ඒ විධියට එකතු කරන බදු ආදායම රුපියල් බිලියන 1065යි මේ මිනිස්සුන්ගෙන් හූර කන මුදලට මොකද කරන්නේ.  මේකෙන් රුපියල් බිලියන 337 ක් වියදම් කරන්නේ හමුදා හා පොලිසි වලට ඒ කියන්නේ අපිට ගහන්නනේ. තව බිලියන 200 වියදම් කරන්නේ අපිව අන්දන්න. ඒ කිව්වේ ඔය නගර අලංකරණය කියල කරන සෝබන වැඩ කරන්න.
දැන් මාර කේස් එකක් තියෙනවා මෙතන. මාර්ග අලංකරණයට ඒව හදන්න බිලියන 200ක් වියදම් කරලා. පොදු ප‍්‍රවාහනයට වියදම් කරන්නේ බිලියන 52යි. අපි අහනවා ඉතින් කාට යන්නද මේ පාරවල් හදන්නේ. ඉතා පැහැදිළියි. මේ ඊනියා සංවර්ධනය අදාල සමාජයේ එක ස්ථරයකට විතරයි. ලංකාවවේ මුලූ ජන ගහනයේ හතරෙන් එකක් පාසල් ශිෂ්‍යයෝ ඔවුන්ට වියදම් කරන්නේ බිලියන 55යි ඔන්න, තේරෙනවා නේද? මෙයාල කියන මහලොකු ආර්ථික ප‍්‍රතිපත්තිය.
ඒ නිසා මේක එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට එක්සත් ජාතික පෙරමුණ ආව කියලා වෙනස් වෙන්නේ නෑ. ඔය කතාකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදෙ, මානව අයිතීන් මේ හැම එකක්ම මේ විෂමතාවත් එක්ක බැඳිලා තියෙනවා. අපේ හිටපු එකම පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහෝදරයා ගෙනාව, ලංකාවේ පළවෙනි වතාවට මෙරට වෘත්තිය සමිති විසින් සකස් කරපු පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනතක්. හැබැයි ඔය කවුරුවත් ඒගැන තඹ සතේකට මායිම්කරේ. නෑ. අද ව්‍යවස්ථා සංශෝධන, ජනතාවගේ පරමාධිපත්‍ය අරක මේක කතා කරනවා. හැබැයි ඔක්කොම තියෙන්නේ එක්තරා පන්තියක අවශ්‍යතාවන් එක්ක.
ජනතා විමුක්ති පෙරමුණත් ඒ පාරෙම තමයි යන්නේ. ඔවුන් කියනවා. දැන් ඔය එක්සත් ජාතික පක්ෂෙයි, සන්ධානෙයි ප‍්‍රධාන ආර්ථික උපක‍්‍රමයක්නේ, කොළඹ නගරය වෙනම ඒකකයක් විධියට අරගෙන සංචාරක කර්මාන්තයේන්  කරනවා කියන ඊනියා සංවර්ධනය. ජවිපෙත් ඒකම කියනවා. එයාල කියනවා,
ඒ නිසා අපි කියන්නේ විකල්පයක් තමයි  ඕන. ඒ විකල්පය දවසින් දෙකෙන් ගොඩනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දීර්ඝකාලීන වැඩක්. ඒකට ජනතා බලයක් අවශ්‍යයි. ඒක මේ ඡුන්ද වලින් විතරක් ලැබෙන බලයක් නෙවෙයි. අපි වමේ බලයක් කියන්නේ මෙරට පීඩිත ජනතාවගේ සංවිධානාත්මක බලයක්. ඒ වෙනුවෙන් තමයි අපි මෙවර මැතිවරණයට එන්නේ.
DSC_3772 (1) DSC_3796 (1) DSC_3803 (1)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p