වැඩ ඉවර වී එන විට මටත් මගේ මිතුරාටත් වයස අවුරුදු 5ක් පමණ වන මේ පින්බර සාමණේර මෙහෙණින් වහන්සේ නෙත ගැටුනි. වයසින් වැඩිහිටි මෙහෙනින් වහන්සේලා දෙනමක් සමඟ සිටි සාමණේර මෙහෙනින් වහන්සේ වැඩිහිටි මෙහෙනින් වහන්සේගේ සිවුරේ එල්ලෙමින් සිනාමුසු මුහුණින් මහමඟ දෙස බලා සිටියාය.
පිනෙන් පිරැණු ඕ දුටු විට ඒ මොහොතේ හැටියට අපට කුමක්හෝ දෙයක් පූජා කිරිමට ඇත්නම් යැයි සිතුනි.පිනක් සිදුකර ගැනිමට එය මහඟු අවස්ථාවක් යැයි සිතුනි.ඒ අනුව ඕ හට අවශ්‍ය මොනයම් හෝ දෙයක් මේ වෙිලාවෙි පූජා කිරිම කැප දැයි වැඩිහිටි මෙහෙණින්වහන්සේලා ගෙන් විමසුවෙමු. ඒ අනුව මෙහෙණින්වහන්සේ “පොඩි නමට සෙරෙප්පු දෙකක් තියෙනවා නම් වටිනවා”යැයි පැවසී ය.
අපේම වාසනාවට එම සථානයේම පාවහන් අලෙවි සැලක්ද විය.ඒ අනුව පිනබර සාමණේර මෙහෙණින්වහන්සේට සිතැඟි පාවහන් යුවළක් පූජා කිරීමට තරම් අපට පිනක් තිබුනි. පුංචි සිත කෙතරම් ප්‍රභාෂ්වර ද, ඒ සිනහව කෙතරම් අව්‍යාජ ද, මෙහෙණින්වහන්සේ නමක ගේ ඒ සිත කෙතරම් පූජනීයයි ද, අපට පූජා කිරීමට හැකි වූයේ එතරම් මහත් වූ දෙයක් නොවේ. නමුත් අප පූජා කළ දෙය හදවතින්ම මහත් ශ්‍රද්ධාවන් හා ගෟරවයෙන් පූජා කළෙමු. මේ ඒ අවස්ථාවයි. ඔබත් අනුමෝදන් වන්න..
Leave a comment