14 කෝටියක් වංචා කළ ටෙලි නිළියගේ ගිණුම් තහනම්

July 30, 2015

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම් භී පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී ගෝපිරාජ් කවලංගිල් වඩකිප් නැමති පනස් හතර හැවිරිදි  ඉන්දියා ජාතිකයා සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි බොරලැස්ගමුවේ පදිංචි ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ බැංකු ගිනුම් ගනුදෙනු අත්හිටුවා තිබේ.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් විසින් අද නිකුත් කළ නියෝගයකට අනුවයි.
ඇගේ බැංකු හා මූල්‍ය ආයතන 29ක ගිනුම් අත් හිටුවීමට රහස් පොලිසිය අධිකරණයේ අවසරය පැතූ අතර  එම ගිනුම් අත්හිටවිණි.
ගෝපිරාජ් තමාව විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් වටිනා භාණ්ඩ රැසක් තමාට දුන් බව ඇය කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම මුදල් වැය කළ ආකාරයය ප්‍රකාශ කිරීමට සුදාරි අපොහොසත් වී ඇති බවත්, එහෙයින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන බවත් රහස් පොලිසි අධිකරණයට දැන්වා ඇතැයි සදහන්.
අනතුරුව ගමගේ ආශා කුමාරි නොහොත් ආක්ෂා සුදාරි රුපියල් 25000ක මුදල් හා රුපියල් තුන් කොටියක ශරීර ඇප මත මුදාහරිනු ලැබීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p