නීති රකින්න කැෆේ සුදානම්

July 30, 2015

රාජ්‍ය ආයතන මගින් සවිකරණ ලද නීති විරෝධී මැතිවරණ පුවරු ඇත්නම් තම සංවිධානයට දැනුම් දෙන ලෙස කැෆේ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජලසම්පාදන හා ප්‍රවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ දිවයිනේ සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා විසින් සවි කොට ඇති මහා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ රුව සහිත ස්ථිර හා තාවකාලික පුවරු මැතිවරණ නීතියට පටහැනි වේ.
ආයතන සභාපතිවරු, නගරාධිපතිවරු, නාගරික කොමසාරිස්වරු සහ පලාත් පාලන ආයතන කොමසාරිස්වරු මෙවැනි පුවරු පුදර්ශනයට ඉඩ තැබීම මගින් වරදක් සිදු කරයි.
මාර්ග සංවර්ධනය, විදුලිල ජලය විවෘත කිරීම්ල මුල් ගල් තැබීම් ආශ්‍රිතව වන ස්ථිර පුවරු ද, විවිධ ව්යාසපෘති සම්බන්ධයෙන් වන පුවරු ද මෙයට ඇතුලත් වේ.
පුරවැසියන් ලෙස ඔබ මෙවැනි පුවරුවක් දුටුව හොත් එහි ඡායාරූපයක් ද සමග මැතිවරණ දෙපාර්තමේන්තුවට, කැෆේ සංවිධානයට, ඔබ දිස්ත‍්‍රික්කයට අදාළ මේ සමග ඇති ඊමේල් ලිපිනයට පැමිණිලි කරන්න.
ආයතනය, ස්ථානය හෝ ලිපිනය, සහ පුවරුවේ රූප සටහන් වන අපේක්ෂකයාගේ නම පැහැදිලිව පැමිණිල්ලේ සටහන් කරන්න.
Tell Commissioner – Department of Elections, CaFFE Sri Lanka, CaFFE Face Book පිටු.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p