Local News

වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලීම අන්තවාදයට රුකුල් දීමක්

ජනවාර්ගික හා ආගමික පදනමින් රටේ දිස්ති‍්‍රක්ක බෙදීමට යෝජනා කිරීම හෙළා දැකිය යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ වාර්ෂික සම්මේලනයේ දී සම්මත කරගත් පරිදි අම්පාර දිස්ති‍්‍රක්කයේ මුස්ලිම් බහුතරයක් ජිවත්වන ඡුන්ද කොට්ඨාශ එක්කාසුකොට වෙනම මුස්ලිම් පරිපාලන දිස්ති‍්‍රක්කයක් පිහිටවන ලෙස රජයෙන් ඉල්ලා Read More

ජනවාරියේ සිට කොළඹ කසළ පුත්තලමට

කොළඹ නගරයේ දිනපතා එක්රැස්වන කැලිකසළ පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට රජය සැලසුම් කොට ඇති අතර එම වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ.රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

පාප්වහන්සේගේ පැමිණීමට සියල්ල සුදානම්

පාප්වහන්සේගේ මෙරට සංචාරය සම්බන්දයෙන් අවසන් වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙන බව ලංකා රජය ප්‍රකාශ කරයි . ශ්‍රී ලංකා රජය, වතිකාන සහ ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව පාප්වහන්සේගේ මෙරට සංචාරය සම්බන්ධ අවසන් වැඩපිලිවෙළ සකස් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ලබන වසරේ ජනවාරි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙරට Read More

ජගත් ක්‍රිකට් තරඟාවලියට ඇරයුම් කරන්න එයි

එළඹෙන පෙබරවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන අයි.සී.සී ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ සමාරම්භක උළෙලට සහභාගී වීමට ශී‍්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නිළ වශයෙන් ආරාධනා කිරීමට නවසීලන්ත රජයේ අමාත්‍යවරයෙක් අද (03) දිවයිනට පැමිණීමට නියමිතය. නවසීලන්තේ ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ ඇමති නේතන් ගයි මෙසේ දිවයිනට පැමිණෙනු ඇති අතර ඔහු නවසීලන්ත අගමැති ජෝන් කී වෙනුවෙන් ශී‍්‍ර ලංකා ජනපතිවරයාට නිල වශයෙන් ආරාධනා Read More

පොලිස්පති මොනාකෝ යයි

අන්තර්ජාතික පොලිසියේ 83 වැනි මහ සභා වාරයට සහභාගි වීමේ අරමුණින් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා නිල සංචාරයක් සඳහා මොනාකෝ රාජ්‍යයට පිටත්ව ගොස් තිබේ. අද (03) සිට ලබන 07 වැනි දින දක්වා මෙම මහ සභාවාරය පැවැත්වීමට නියමිතය. මෙහිදි අන්තර්ජාතික පොලිසියේ නිලධාරින් තෝරාපත් කරගැනිම සහ විධායක සභාව තෝරාගැනිම සිදුවනු ඇති අතර ත්‍රස්තවාදය සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ද මෙම Read More

මීරියබැද්ද නායයාමට හේතුව – ඊනියා සංවර්ධනය නිසා පරිසරයට සිදුකර ඇති හානියයි

මීරියබැද්ද සිදු වු ව්‍යයසනය හුදු ආණ්ඩු විරෝධයකට ලඝු කිරීමට විපක්ෂයේ ඇතැම් පක්ෂ දරන උත්සාහයන් පරදවා පරිසර විනාසයෙන් තොර ආර්ථිකයක්, තමන් පිළිබඳ තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමිවන සැබෑ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඈතිකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතා අද (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දෑක්වීය. වෑඩිදුරටත් Read More

වතුර බිල ලබන මාසයේ සිටම අඩුවේ…

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති ජල ගාස්තු 10%කින් අඩු කිරීම ලබන මාසයේ සිට ක‍්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතා පවසයි. ලබන මාසයේ ජල බිලෙන් පළමු ඒකක 25 දක්වා ගාස්තු වලින් සියයට 10ක් අඩු කෙරෙන බවද සභාපතිවරයා සදහන් කරයි. ඔසේම ඒකක 25ට වැඩියෙන් ජලය පාවිච්චි කරන පාරිභෝගිකයන්ටත් මුල් ඒකක 25 Read More

මීරියබැද්දේ 300ක් අ‍තුරුදහන්

හල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ පිහිටි වතු නිවාස 120ක් පමණ පස් කඳු වලින් යටවී ඇති බවත්, මළ සිරුරු දහයක් මේ වන විට හමු වී ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එම්.එල්. උදයකුමාර මහතා පවසයි.

මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය හෙට රැස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය හෙට(31)  පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත. ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි

අපරභාගයේදී  සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගූරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථානවලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, දිවයින වටා වන වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලිකව Read More

t

o

p