වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලීම අන්තවාදයට රුකුල් දීමක්

November 4, 2014

ජනවාර්ගික හා ආගමික පදනමින් රටේ දිස්ති‍්‍රක්ක බෙදීමට යෝජනා කිරීම හෙළා දැකිය යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ වාර්ෂික සම්මේලනයේ දී සම්මත කරගත් පරිදි අම්පාර දිස්ති‍්‍රක්කයේ මුස්ලිම් බහුතරයක් ජිවත්වන ඡුන්ද කොට්ඨාශ එක්කාසුකොට වෙනම මුස්ලිම් පරිපාලන දිස්ති‍්‍රක්කයක් පිහිටවන ලෙස රජයෙන් ඉල්ලා ඇතිබව මාධ්‍ය වාර්තා කොට තිබිණි.

ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක් සීමා නිර්ණය කිරීම් මෙලෙස වාර්ගික හෝ ආගමික පදනමක් මත බෙදා වෙන්කිරීම සඳහා කරන යෝජනාව ඉතා දැඩි ලෙස හෙළා දකින අතර ජාතික ආරක්‍ෂාවටත් ජාතීන්  අතර  ඒකාග‍්‍රතාවයටත්  බරපතල තර්ජනයක් එල්ල කරන බව අපගේ හැගීමයි. මෙලෙස මුස්ලිම් දිස්ති‍්‍රක්කයක් ඉල්ලීම මගින් මුස්ලිම් ජනතාව අන් ජනතාවගෙන් බෙදා වෙන්කිරීමට සැළසුම් කිරීමේ කූඨ ජාතිවාදී සහ අන්තවාදයට රුකුල්දෙන කි‍්‍රයාවක් බව ද සඳහන් කළ යුතුය. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අතීතයේ සිටම වෙනම මුස්ලිම්  කලාපයක්  වෙනුවෙන්  පෙනී  සිටිමින්  වරෙක  ඔලිවිල් ප‍්‍රකාශනය මගින්ද මුස්ලිම් ජනතාවගේ අන්තවාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමක් කර ඇත.

මෙවර ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජනතාවගේ සහය රජයට ලබාදීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස මෙලෙස රටේ දිස්ති‍්‍රක්ක ජනවාර්ගික හා ආගමික පදනමින් බෙදා වෙන්කිරීමට යෝජනා කිරීම ජාතික හෙළ උරුමය දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කරයි. එසේම අප රජයට යෝජනා කර සිටින්නේ මෙලෙස මුස්ලිම් ඡුන්ද කුට්ටි ලබාදීම සඳහා වරප‍්‍රසාද ඉල්ලා සිටියත් පසුගිය ඌව පළාත් සභාවේ දී හා මෑතක දී පවත්වන්නට යෙදුණු සියලූ මැතිවරණ වලදී බහුතර මුස්ලිම් ජනතාව රජයට පක්‍ෂපාතීව ඡුන්දය ප‍්‍රකාශ කර නොමැති බවත්ය.

මෙවැනි අන්තජාතිවාදී හා ආගම්වාදී ඉල්ලීම් මගින් මුස්ලිම් ජනතාව හා රටේ සෙසු ජනතාව අතර බරපතල විරසකයක් ඇති කිරීම මගින් ජාතික සමගිය හා ඒකාග‍්‍රතාවය සිදී බිඳී යනබව අපගේ විශ්වාසයි. එසේම මෙම බෙදුම්වාදි ඉල්ලීම් මගින් ශී‍්‍ර ලංකාවේ ඉදිරි අනාගතය පැහැදිවම අනතුරකට මුල පිරීම සිදුවන බවත් මෙවැනි දේශද්‍රෝහී ඉල්ලීම් ලත් තැනම ලොප් කිරීම වහාම සිදුකළ යුතු බවත් අවධාරණය කර සිටිමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

Sammy

Previous story Next story

Leave a comment

t

o

p