Local News

වාස්ට චෝදනා එල්ලවුණු නඩු තීන්දුව නොවැම්බර් 27 දා

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට චෝදනා එල්ලවී ඇති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියේ නඩු තීන්දුව නොවැම්බර් මස 27 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය විසින් දැනුම් දී තිබේ. අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී නඩු කටයුතු අවසන්වී ඇති බැවින් තීන්දුව ප්‍රකාශයට පත් කළ හැකි බව අධිකරණයේ තීරණය වූ බව වාර්තාවේ.

ගිවිසුම තාමත් රටට හෙළිදරව් කර නෑ

පසුගියදා ඇතිකරගනු ලැබූ ජිනීවා ගිවිසුමෙන් රටේ ජාතික නිදහස, ස්වාධීනත්වය හා ස්වෛරීයභාවය විනාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි. එපමණක් නොව එම ගිවිසුම රටේ ව්‍යවස්ථාවට පවා පටහැණි බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(12) ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. රජය විසින් මෙතෙක් එකී ගිවිසුමේ සත්‍ය පිටපතක් පාර්ලිමේන්තුවට හෝ රටට ඉදිරිපත් කර නැති බවත්, එහෙත් Read More

ගොවි පවුල් 7000ක් අනාථයි

වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට රට පුරා ලක්ෂ 15කට ආසන්න ගොවියන් අසරණව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.මෙම වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් ගොවි පවුල් 6000 – 7000ක් අතර අසරණව සිටින බව එම ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසීය.ආණ්ඩුව වහාම මෙම වී ගොවියන්ගේ ප්‍රශ්නයට Read More

මුදල් නෝට්ටු මුද්‍රණයේදී ජනපතිගෙන් උපදෙසක්

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේදී මින් ඉදිරියට දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට හඳුනාගැනිමට හැකි සලකුණු සහිතව මුද්‍රණය කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ බැංකුව වෙත උපදෙස් ලබාදී තිබේ. මහ බැංකු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනාධිපතිවරයා මෙම උපදෙස්  ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. දැනට වසර 04 ක පමණ කාලයක සිට නිකුත් කරන මුදල් නෝට්ටුවල දෘශ්‍යාබාධිතයින්ට හඳුනා ගැනීමට සලකුණු Read More

අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරක ප්‍රවර්ධනයට යොදාගන්නවා

මෙරට ඇති අභ්‍යන්තර ගුවන් තොටුපොළ සිවිල් ජනතාවගේ පරිහරණයට සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අද පෙරවරුවේ මඩකලපුව ගුවන් තොටුපලේ ඉදිකිරිම් කටයුතු පිළිබඳව සොයා බැලීමට එහි ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව  ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේය. මඩකලපුව ගුවන් තොටුපල  විවෘත කිරිමෙන් අනතුරුව Read More

මහබැංකුවේ කටයුතු සොයන්න තේරුම්කාරක සභාවක්

මහබැංකුවේ වසර 10ක කටයුතු සම්බන්ධයෙන් සොයාබලීමට තේරුම්කාරක සභාවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ. මහබංකුවේ සිදු වූ බව කියන සේවක මාරු කිරීම් සහ තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත. මහ බැංකුව සිදු කළ Read More

ලෝක තැපැල් දින සැමරුම අද

141වැනි ලෝක ලෝක තැපැල් දින සැමරුම් උළෙල අද තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සහ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙවර ලෝක තැපැල් දිනයට සමඟාමීව තැපැල් සේවකයන්ගේ සේවා ඇගයීම, තැපෑලේ කාලීන නැඹුරුතාවයන් පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම, නව සේවාවන් 02ක් හඳුන්වාදීම, තැපැල් සේවාව පුළුල් කිරීම Read More

පිම්පියො, අහිකුණ්ටිකයො, වාඩිවෙනව අයිසෙ

අද ඇරඹි පාර්ලිමේන්තු සැසිවාරය ඇති වූ උණුසුම් තත්වයක් මත කල් තබන්නට කථානායකවරයාට සිදු විය. මෙම උණුසුම් තත්වය ඇති වූයේ මහ බැංකුවේ නිලධාරීන් 100ක් පමණ එක වර මාරු කිරීම ගැන වූ ප‍්‍රශ්ණයක් හේතුවෙනි. මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් මේ සම්බන්ධවෙයන් වූ ලිපියක් සභාගත කිරීමට යාමේදී ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වූ විරෝධය මත මෙම නොසන්සුන්තාවය ඇතිවිය. ජාතික රූපවාහිනිය විසින් Read More

හික්කඩුවට අමුත්තෙක් ඇවිත්

හික්කඩුව වරායෙන් මුහුදු ගිය ධීවරයකුගේ යාත්‍රාවට පැමිණි විදේශිය පක්ෂියකු හික්කඩුව වනජීවී කාර්යාලයට ගෙනවිත් බාරදී ඇතැයි වනජීවී කාර්යාලය කියයි. මෙම පක්ෂියා ලංකාවේ පක්ෂියකු නොවන බවත් ගැඹුරු මුහුද ආශ්‍රිතව ජීවත්විය හැකි පක්ෂියකු බවත් දැනගන්නට ඇත. පක්ෂියා මාස්ක් බූඩ් වර්ගයේ පක්ෂියකු විය හැකි බව අඩවි ආරක්ෂක නිලධාරී ඒ.ටී.ආර්.රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.

ඇඹිලිපිටියේ පාසල් දැරියක් පැහැරගැනීම ගැන පුළුල් පරීක්ෂණ

ඇඹිලිපිටිය, ඕමල්පේ ප්‍රදේශයේදී පාසල් දැරියක පැහැරගැනීමකට ලක්ව තිබේ. ත්‍රීරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු විසින් ඇය පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15ක දැරියකි. පාසල් දැරියක් අනාරක්ෂිත ලෙස තණමල්විල ප්‍රදේශයේ සිටින බවට  ඊයේ පස්වරුවේ තණමල්විල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව පොලීසිය දැරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී අනාවරණය වී Read More

t

o

p