ගොවි පවුල් 7000ක් අනාථයි

October 11, 2015

වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට රට පුරා ලක්ෂ 15කට ආසන්න ගොවියන් අසරණව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.මෙම වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් ගොවි පවුල් 6000 – 7000ක් අතර අසරණව සිටින බව එම ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසීය.
ආණ්ඩුව වහාම මෙම වී ගොවියන්ගේ ප්‍රශ්නයට මැදිහත්ව ඊට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා ගැනීම සඳහා ගොවි ජනතාවගේ පැත්තේ සිට සහයෝගය දීමට සූදානම් යැයි ද ඒ මහතා පැවැසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p