මහබැංකුවේ කටයුතු සොයන්න තේරුම්කාරක සභාවක්

October 9, 2015

මහබැංකුවේ වසර 10ක කටයුතු සම්බන්ධයෙන් සොයාබලීමට තේරුම්කාරක සභාවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

මහබංකුවේ සිදු වූ බව කියන සේවක මාරු කිරීම් සහ තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත.

මහ බැංකුව සිදු කළ කටයුතු සම්බන්ධ‍යෙන්ද තමා සෑහීමකට පත් නොවන බවත්, එම නිසා පසුගිය මාස හය ඇතුළුව පසුගිය වසර දහයක කටයුතු මෙ‍සේ සොයා බලන බවත්, අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

“විශාල පිරිසක් වසර පහකට වඩා එකම තැන සිටිනවා.ඒ සඳහා අවස්ථාව දුන්නේ කවුද?මෙරට ජනතාව ග්‍රීක් බෝන්ස් වලින් සල්ලි නැති වුණා. කවුද වගකීම බාර ගත්තේ. ඊ.පී.එෆ් වලට වග කියන්නේ කවුද? හෙජින් ගිවිසුමට කවුද වග කියන්නේ. රටේ මිනිස්සු ගෙවන්නෙ. අලුත් අය බඳවා ගන්න අවශ්‍යයි. අපි අලුත් අයත් හදන්න ඕන. එක මාරු කිරීමක්වත් වෙනස් කරන්නේ නෑ. හොදම මහ බැංකුව අපි හදලා දෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p