ඇඹිලිපිටියේ පාසල් දැරියක් පැහැරගැනීම ගැන පුළුල් පරීක්ෂණ

October 8, 2015

ඇඹිලිපිටිය, ඕමල්පේ ප්‍රදේශයේදී පාසල් දැරියක පැහැරගැනීමකට ලක්ව තිබේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු විසින් ඇය පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15ක දැරියකි.

පාසල් දැරියක් අනාරක්ෂිත ලෙස තණමල්විල ප්‍රදේශයේ සිටින බවට  ඊයේ පස්වරුවේ තණමල්විල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව පොලීසිය දැරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය පුස්තකාලයට යමින් සිටියදී මෙලෙස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇති බවයි.

අනතුරුව දැරිය සිහි මුර්ජා වී ඇති අතර පැහැරගැනීම සිදුකළ පුද්ගලයන් විසින් ඇය තණමල්විල උණාටුවැව ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p