Local News

2015 ගිනියම් වෙලා

මේ වර්ෂය ලෝකයේ වඩාත්ම උෟෂ්ණාධික වසර වන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි. මේ වසර මෙසේ වඩාත්ම උණුසුම් වසර වීමට හේතුව වී ඇත්තේ සාගරය වඩාත්ම උණුසුම් වී සාගර ජල මට්ටම ඉහළ යෑමත්, හරිතාගාර තුළින් වායු විමෝචනය වීමත් බවද පවසන කාලගුණ විද්‍යා සංවිධානය, එසේ වීමට 95%ක්ම හේතු වී ඇත්තේ මිනිසාගේ වගකීමක් නැති ක්‍රියාකාරකම් බව ඔවුහු අවධාරණය Read More

ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද – ඇත්ත මෙන්න…

මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි Read More

වාස්ගේ බිරිඳගෙන් චෝදනා

පසුගියදා මරණ දඬුවම නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නිර්දෝෂී බව ඔහුගේ බිරිඳ වන ෂාමලී පෙරේරා අද (29) උදෑසන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ. එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ මරණ දඬුවම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මොහොමඩ් සියාම්ගේ පියා සිදු කළ ප්‍රකාශය හදවතින්ම කරන ලද්දක් බවත් එය පසුදා Read More

උඩවලව දොරටු අරී – අම්බලන්තොටට ගංවතුර අවදානමක්

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග උඩවලව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ජලාශයේ වාන් දොරටු පහක් අඩි එක හමාරක් බැගින් විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වාන් දොරටු පහක් මෙලෙස විවෘත කිරීමත් සමග වලවේ ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින් ගඟ දෙපස සිටින ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන Read More

ඩලස්, පවිත්‍රා ආණ්ඩුවට?

මහින්ද රාජපක්ෂ පිළෙහි ඉදිරිපෙළ සාමාජිකයින් දෙදෙනෙකු වන ඩලස් අලහප්පෙරුම හා පවිත්‍ර වන්නිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා යහපාලන හවුල් ආණ්ඩුව හා එක්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පිළ සමග පැවැති සාකච්ඡාවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟතාවය පළකර ඇති බවත් ඊට මන්ත්‍රීවරයා කැමැත්ත පළ Read More

ජවිපෙ – ආම් අදාම් පක්ෂය අතර හමුවක්

මේ දිනවල ඉංදියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉංදියාවේ දූෂණ විරෝධී පක්ෂය වන අරවින්ද් කෙජ්රිවාල් මහතා නායකත්වය දරණ ආම් ආදාම් පක්ෂයේ ජාතික මට්ටමේ නායකයෙකු වන බිපුල් දේ මහතා හමුවිය. පසුගිය 28වෙනිදා ආම් අදාම් පක්ෂයේ දිල්ලි කාර්යාලයේදී මෙම හමුව සිදු විය. සුනිල් හඳුන්නෙත්ති මහතා සමග වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාද එම හමුවට සහභාගි Read More

සොරගුනේ වන මැද යළිත් ගොල්ෆ් පිටියට පාර කපයි

සොරගුණේ වනාන්තරය තුළ අප කළ නිරීක්ෂණ චාරිකාවකින් අනාවරණය වූයේ බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ඉතා සූක්ෂම අයුරින් සිය අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටින බවයි. වේලි ඔය දිය හැරවුමේ සිට මීටර් 500 ක් පමණ ගඟ ඉහත්තාවට යන්නට ජාවාරම් කරුවන් ඉඩම් අත්පත් කරගනිමින් එහි ස්ථිර නිවාස ඉදිකොට සියළු පහසුකම් සහිතව අනවසර මැණික් ගැරීම් කරන අයුරු වනාන්තරය තුළ දැව ජාවාරම Read More

සියයට 90 බෑ – සියයට 70 දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

කල්බදු ක්‍රමය යටතේ වාහන ගැනීමේදී ණය ලබා ගැනීමේ පහසුකම තක්සේරු වටිනාකමින් සියයට  70ක් දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. දෙසැම්බර් 01 වනදා සිට එය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. වාහනයක තක්සේරු වටිනාකමින් සියයට 100 ණය පහසුකම් ලබාදීම අත්හිටුවමින් පසුගිය සැප්තැම්බර් 14 වනදා සිට සියයට 70 ක ණය පහසුකම් ලබාදිය යුතු Read More

ආගමන විගමන නීතිය යටතේ ඇප බෑ- කුමාර් යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා දෙසැම්බර් මස 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද(27) යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ඇප ලබාදෙන ලෙස විත්තියේ නීතිඥයින් විසින් ඉල්ලීමක් කර ඇති බවව සඳහන්ය. එසේ වුවද කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙහිදී Read More

නාරාහේන්පිට පොලීසියේ ලොක්කෙක් ලක්ෂ 25ක ජරාව කද්දී මාට්ටු

ලක්ෂ 25 ක අල්ලසක් ලබාගැනීමට කටයුතු කළ බව කියන නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (27) 3.30 ට පමණ කොහුවල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. වෛද්‍යවරයෙකු විසින් කරන ලද වරදකට නඩු නොපවරා සිටීමට ලක්ෂ Read More

t

o

p