2015 ගිනියම් වෙලා

November 29, 2015

මේ වර්ෂය ලෝකයේ වඩාත්ම උෟෂ්ණාධික වසර වන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි. මේ වසර මෙසේ වඩාත්ම උණුසුම් වසර වීමට හේතුව වී ඇත්තේ සාගරය වඩාත්ම උණුසුම් වී සාගර ජල මට්ටම ඉහළ යෑමත්, හරිතාගාර තුළින් වායු විමෝචනය වීමත් බවද පවසන කාලගුණ විද්‍යා සංවිධානය, එසේ වීමට 95%ක්ම හේතු වී ඇත්තේ මිනිසාගේ වගකීමක් නැති ක්‍රියාකාරකම් බව ඔවුහු අවධාරණය කරති. මේ කාලගුණ විපර්යාසය අනාගත ලෝකය මුහුණ දෙන විශාලතම හා භයානකම අභියෝගය බවත්, එයට වහා පිළියම් නොයෙදුවහොත් ගෝලීය ආරක්ෂාවත්, ලෝක ආර්ථිකයත්, පරිසරයත් විනාශ වන බව බල ශක්ති හා කාලගුණ විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් කියා සිටියාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p