උඩවලව දොරටු අරී – අම්බලන්තොටට ගංවතුර අවදානමක්

November 29, 2015

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග උඩවලව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ජලාශයේ වාන් දොරටු පහක් අඩි එක හමාරක් බැගින් විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වාන් දොරටු පහක් මෙලෙස විවෘත කිරීමත් සමග වලවේ ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින් ගඟ දෙපස සිටින ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙසට දන්වයි. විශේෂයෙන්ම අම්බලන්තොට ප්‍රදේශයේ වලවේ ගඟ දෙපස ජනතාව මේ පිළිබඳව වැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවට අනතුරු ඇඟවේ.

 

udawalawa

Sammy

Previous story Next story

Leave a comment

t

o

p