නාරාහේන්පිට පොලීසියේ ලොක්කෙක් ලක්ෂ 25ක ජරාව කද්දී මාට්ටු

November 27, 2015

ලක්ෂ 25 ක අල්ලසක් ලබාගැනීමට කටයුතු කළ බව කියන නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (27) 3.30 ට පමණ කොහුවල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

වෛද්‍යවරයෙකු විසින් කරන ලද වරදකට නඩු නොපවරා සිටීමට ලක්ෂ 25 ක මුදලක් අවශ්‍ය බව සැකකාර පොලිස් නිලධාරියා විසින් මීට පෙරාතුව සඳහන් කර ඇති අතර ඒ අනුව එම මුදල ලබාගන්නා අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p