Local News

රංගේ බණ්ඩාරට පොලිස් පරික්ෂක ධූරයක් කැබිනට්ටුවෙන්

නිපුනතා සංවර්ධන රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධුරයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දේශපාලන හේතූන් මත විවධ ගැටළු වලට මුහුණ දුන් අයට සහන සැළසීමේ කමිටුවට තමා පොලිස් සේවයේ නිරතව සිටියදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බවට පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉදිරිපත්කර තිබුණු අභියාචනයක් සලකා බැලීමෙන් පසු එම කමිටුවේ තිරනයන්ට අනුව එම Read More

පාසල් තෙවන වාරය හෙට

රජයේ පාසල් තුන්වෙනි වාරය හෙට (31) ආරම්භ වේ. අධ්‍යාපන පොදු සහතික (උසස් පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගැයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් 6ක් සහ 5 ‍ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් 35ක් හැර හෙට (31) විවෘත කරනු ලැබේ. අධ්‍යාපන පොදු සහතික (උසස් පෙළ) විභාගයේ ඇගැයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ Read More

උඩුවේ හිමි සහ ජොන්ස්ටන්ට විදෙස් ගත වීමට අවසර

හිටපු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලන්ඩනයේ පින්කමකට සහභාගී වී ගමන් බලපත්‍රය සැප්තැම්බර් 13 වැනිදා අධිකරණයට බාර දෙන ලෙස මහාධිකරණය නියෝග කල අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සැප්තැම්බර් 09 වැනි දා නඩු දිනය තෙක් රටින් බැහැරව සිටිමට කොළඹ මහාධිකරණය අද අවසර දුන්නේය. උඩුවේ ධම්මාලෝක හිමියන් බලපත්‍රයක් නොමැතිව වල් අලි පැටවකු ලඟ තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 2010 වත්කම් හෙළි Read More

2017 රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වසර

2017 වර්ෂය රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කරන බවත් ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක‍්වෙමිනි.රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය නොවන සියලු ආයතන Read More

එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු මරා දැමූ අයියා මලෝ පෝරකයට

තංගල්ල උණාකූරුව මුහුදු වෙරළේ දී එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු 2002.10.02 දින ඉතා අමානුෂික ලෙස කපා කොටා, වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ඊයේ (29) මරණ දඩුවම නියම කළාය. විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහිව පැවැති නඩු විභාගය අවසානයේදී තුන්වන හා හතරවන විත්තිකරුවන් නිදහස් කෙරිණි. මෙසේ මරණ දඬුවම Read More

එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධි අංශ නිලධාරීන්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගත්තේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවට වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා සාක්ෂි ඇති බවත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් සරත් ජයමාන්න මහතා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළේය. එම පැහැරගැනීම සිදුකළේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මෙන් වෙස්වළාගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු විසින් බවට පැහැදිලි සාක්ෂි ඇති බවට Read More

ජනපති වෙබ් අඩවියට රිංගූ පාසල් සිසුවා අත්අඩංගුවටගනී

ජනාධිපති නිල වෙබ් අඩවියට ඇතුළු වී එය අක්‍රීය කළ බවට සැකකරන මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (29) රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26දා මේ නිල වෙබ් අඩවියට හැකරෙකු ලෙස ඇතුළු වී එහි පණිවුඩ මකා ශ්‍රී ලංකා තරුණයින් නමින් හඳුන්වාගත් අයකුගේ තොරතුරු ඇතුළත් කරමින් හැකර් ප්‍රහාරයට ලක් කර තිබුණි. එසේ වුවද Read More

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට කැබිනෙට්ටුවේ සහය

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ බව සදහන් පොලිස් නිළධාරීන් 129 දෙනෙකු සම්බන්ධයෙන් වූ කැබිනට් තීන්දුව ජාතික පොලිස් කොමිසමට ලැබී ඇතැයි එහි ලේකම් ආරියදාස කුරේ මහතා සදහන් කළේය.

අධිවේගයේ අනතුරින් 2ක් මරුට

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා – ඇළ පිටවීමේ දොරටුව ආසන්නයේදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් 19 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේය. ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ. සිද්ධියෙන් Read More

ගිණිසීරියා දැව කැපු යුධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට

පුලියන් කුලමේ රජයේ ඉඩමකින් ගිනිසීලියා දැව කපමින් සිටි යුධ හමුදාවේ සාමාජිකයන් සිව් දෙනෙක් පුලියන් කුලම  ප‍්‍රාදේශීය ලේකම් සහ ග‍්‍රාමසේවක නිළධාරියා සමග ගම්වැසියන් 50 දෙනෙක් පමණ එක්ව අල්ලා 26 වෙනිදා පොලිසියට භාරදී ඇත. උතුරේ වැසියන්ට බෙදා දීමට නියමිත එම ඉඩමෙන් දිගින් දිගටම හමුදාවේ සාමාජිකයන් ගිනිසීලියා දැව කපන බව ගම්වැසියන් විසින් ග‍්‍රාමසේවක මගින් ප‍්‍රාදේශිය ලේකම්වරයාට කර ඇති Read More

t

o

p