පාසල් තෙවන වාරය හෙට

August 30, 2016

රජයේ පාසල් තුන්වෙනි වාරය හෙට (31) ආරම්භ වේ. අධ්‍යාපන පොදු සහතික (උසස් පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගැයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් 6ක් සහ 5 ‍ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් 35ක් හැර හෙට (31) විවෘත කරනු ලැබේ.

අධ්‍යාපන පොදු සහතික (උසස් පෙළ) විභාගයේ ඇගැයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් තෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 13වන දින වන අතර 5 ‍ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදවා ගනු ලබන පාසල් සැප්තැම්බර් 05 වන දින ආරම්භ කෙරේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p