රංගේ බණ්ඩාරට පොලිස් පරික්ෂක ධූරයක් කැබිනට්ටුවෙන්

August 30, 2016

නිපුනතා සංවර්ධන රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධුරයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දේශපාලන හේතූන් මත විවධ ගැටළු වලට මුහුණ දුන් අයට සහන සැළසීමේ කමිටුවට තමා පොලිස් සේවයේ නිරතව සිටියදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බවට පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉදිරිපත්කර තිබුණු අභියාචනයක් සලකා බැලීමෙන් පසු එම කමිටුවේ තිරනයන්ට අනුව එම කැබිනට් අනුමැතිය හිමිව ඇත.
පාලිත රංගෙ බණ්ඩාර මහතා එම කමිටුවෙන් ඉල්ලා ඇත්තේ තමාව සහකාර පොලිස් අධීකාරී තනතුරේ පිහිටුවා ඔහුට එරෙහිව එකළ පැවරූ ව්‍යාජ නඩු සදහා වියදම් වූ රුපියල් ලක්‍ෂ 18 ක මුදල ආපසු ලබාදෙන ලෙසය.
කමිටුව නිර්දේශකර ඇත්තේ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස ඔහුව 2000 අගෝස්තු 24 වෙනිදා සිට නැවත පොලිස් සේවයේ පිහිටුවා 2000 වසරේ අගෝස්තු 27 වෙනිදා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධූරයට උසස්කර තනතුර ස්ථීරකර එදින සිට විශ‍්‍රාම ගන්වන ලෙසය. එකී උසස්වීමට අදාල හිග වැටුප් හා දීමනා කිසිවක් නොගෙවන ලෙසද කමිටුව විසින් නිර්දේශකර තිබේ.
ඇමති රංගෙ බණ්ඩාර මහතා අභියාචනයක් දේශපාලන පළිගැනීම් කමිටුවට ඉදිරිපත්කර ඇත්තේ ඔහු පොලිස් සේවයේ නිරතව සිටියදී විවිධ දේශපාලන බලපෑම්වලට ලක්වීම හේතුවෙන් උසසස්වීම් පවා අහිමිවීම හේතුකොටගෙනය. ඔහු අවසන්වරට පොලිස් සේවයේ නිරතව සිටියේ වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයාවය. පොලිස් සේවයෙන් ඉවත්ව ආණමඩුව එජාප සංවිධායක ලෙස ඔහු දේශපාලනයට පිවිසියේය.
ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ අභියාචනය ඇතුළු අභියාචනා විශාල ප‍්‍රමාණයක් සලකා බැලීමෙන් පසු අභියාචනා 129 කට ඉදිරිපත් වූ  නිර්දේශ  කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ජාතික පොලිස් කොමිසමට යොමුකර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p