විදේශීය අරක්‌කු හොරට නිෂ්පාදනය කළ සිවිල් ඉංජිනේරුවරයා

August 30, 2016

කඳාන පොලිස්‌ බල ප්‍රදේශයේ කලඑළිය ප්‍රදේශයේ නවීන තාක්‍ෂණය ආධාරයෙන් නීතිවිරෝධී අරක්‌කු භාවිත කර විදේශීය අරක්‌කු නිෂ්පාදනය කළ සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය හා කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (28 වැනිදා) කටයුතු කර තිබිණි.

මීට මාස කීපයකට පෙර අංක 57/2 දෙවැනි පටුමග කලඑළිය ජාඇල පිහිටි සුපිරි නිවස කුලියට ගෙන තිබූ මෙම සිවිල් ඉංජිනේරුවරයා කූලර් රේඩියේටර් මැෂින් භාවිත කර විදේශීය ප්‍රසිද්ධ මත්පැන් බෝතල්වලට නීතිවිරෝධී මත්පැන් සූක්‍ෂ්ම ලෙස පාට කර පුරවා දේශීය වෙළෙඳපොළට අලෙවි කිරීමේ ජාවාරමක නියෑළී සිට ඇත.

ක¹න විශේෂ පොලිස්‌ කාර්¨යාංශය හා පෑලියගොඩ පොලිස්‌ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබිණි. මත්පැන් සුවඳ පිටතට නොයන ලෙස ඩීසල් හා කපුරු භාවිත කර තිබූ අයුරු දැක පොලිසිය ද පුදුමයට පත්වී ඇත. මෙම මත්වතුරවල වටිනාකම රුපියල් ලක්‍ෂ 5 ක්‌ පමණ වෙතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මත් වතුර පෙරීමට ගත් උපකරණ ආදිය සමඟ සැකකරු වත්තල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබූ අතර මෙම වැටලීම කොට්‌ඨාස භාර පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රවීන්ද්‍ර මහතා හා පෑලියගොඩ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකයේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමන් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් සිදුකර තිබිණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p