Local News

ලංකාවට තුන්වැනි වාරිකය ලබා දීමට IMF එකඟතාව පළ කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන් වැනි වාරිකය නිදහස් කිරීමට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර ඇතැයි විදේශ අමාත්‍ය අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සදහන් කරයි. එහි වැඩිදුරටත්, Read More

ශ්‍රී ලංකාවට 3 වැනි IMF ණය වාරිකය නිදහස් කිරීම ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කිරීමට නියමිතය. ඒ යටතේ අනුමත කිරීමට නියමිත ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 335කි. ඒ සම්බන්ධයෙන් අද කොළඹදී අදහස් දැක්වූ සහකාර මහබැංකු අධිපති බව ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා, “රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුද එකක් සාකච්ඡා ආරම්භ කළා. 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල Read More

බිත්තර මිල තවත් පහළට

ඉදිරියේදී බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 45ක් දක්වා පහළ දැමීමට හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙදපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර, “අද වන විට පාරිභෝගික ජනතාවට Read More

නව ආගමන පනත් කෙටුම්පතක්

නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කර ඇති නමුත් එකී පනතින් ආවරණය වන ක්ෂෙත්‍රය තුළ ශීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සහ තාක්ෂණයේ වේගවත් දියුණුව මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගෙන ඒ සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා සැකසූ පනත් කෙටුම්පත සඳහා Read More

නීති විරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවහිරවෙයි

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන සාගරිකා දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබේ. කටුකුරුඳු දුම්රිය ස්ථානය ආසන්නයේ මෙලෙස දුම්රිය කාර්මික දෝෂයට ලක් වී ඇති බව සදහන් වෙයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන අතර දුම්රිය ගමන් කළ මගින් රැසක් අපහසුතාවයට පත් වී ඇත.

රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට

ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබෙනවා. ආසියාවේ සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව,ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය තායිලන්තය Read More

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර ඇත. ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය. මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර Read More

ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවතට

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම් වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා චක්‍රලේකනයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි. එම චක්‍රලේඛනය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබා දෙන Read More

සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අතිරේක රු.මිලියන 8,750ක්

නැවතී ඇති අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 8,750ක අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් වූ පසු නැවත පියවීමේ අපේක්ෂාවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි. එබැවින් මෙය වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පරිපූරක ඇස්මේන්තුවක් නොවන බව හෙතෙම අවධාරණය Read More

t

o

p