නීති විරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයකු අත්අඩංගුවට

June 12, 2024

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 11 වන දින රාගම පොලිස් වසමේ අංක 285/C/S, පොඩිවි කුඹුර, රාගම ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රුපියල් තුන්ලක්ෂ විසිදෙදහක වටිනාකමකින් යුතු Manchester වර්ගයේ නීති විරෝධී දුම්වැටි 4,600 ක් සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p