ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

June 11, 2024

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර ඇත.

ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කළේය.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285 ක් ජාත්‍යන්තර ව සංචාරය කර ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දුන්නේය.

එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 20 ක වැඩි වීමක් බවද ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

මීළඟ මාස කීපය තුළදී ඇමෙරිකානු සංචාරකයන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට ඉඩ තිබෙන බවද එම සඟරාව පෙන්වා දුන්නේය.

සංචාරකයන් මෙම ගිම්හාන ඍතුවේදී යුරෝපය මගහැර සිටීම යෝග්‍ය යැයි ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

t

o

p