Local News

සීකා තියෙන රටවලට යන්න එපා

ආසියාතික රටවල්වලින්ද මෑත කාලීනව සීකා වෛරසය වැළඳුනු රෝගීන් වාර්තා වී ඇති බැවින් ගර්භණී මවුවරුන් සීකා වෛරසය ඇති රටවල සංචාරය නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉල්ලා සිටියි. එසේම සීකාවලින් වැළැක්වීම  සඳහා මදුරු දෂ්ටයෙන් වැළැකෙන ආකාරයේ පිළියම් අනුගමනය කරන ලෙසත් මෙම වෛරසය ගර්භණී මවුවරුන්ගේ කුස තුළ වැඩෙන දරුවාට බලපෑම් එල්ල කරන Read More

විෂ එන්නත් පරීක්ෂණයට උතුරේ තරුණයින්ගේ කැමැත්තක් නෑ

පුනුරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විෂ එන්නත් පරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවිමට මැලිකමක් දක්වන බව උතුරු පළාත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇති බවට පසුගියදා  පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කෙරුණු අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරිමටයි තීරණය කෙරුණි. කෙසේ වෙතත් ප්‍රදේශය Read More

ඩයලොග් සමාගමේ කොටස් විකිණීමට සැරසෙයි

ශ්‍රීලංකාවේ ඩයලොග් ආසියාටා සමාගමේ සියයට 83.3 ක කොටස් හිමි මැලේසියාවේ ආසියාටා සමූහය ශ්‍රී ලංකාවේ සහ වෙනත් ආසියානු රටවල් කිහිපයක තමන් සතු හිමිකම්වලින් කොටසක් විකිණීමට සූදානම් වන බව වාර්තාවේ. මේ හේතුවෙන් ඉන්දුනීසියානු කොටස් වෙළෙඳපොළේ XL ආසියාටා සමාගමේ කොටස් මිළ ගණන් සීඝ්‍රයෙන් පහත ගොස් ඇත. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කළේ අඟහරුවාදා දිනයේදී එම කොටසක මිල සියයට 4.9 Read More

තැඹිලි අපනයනයෙන් මිලියන 165 ක්‌

මෙම වසරේ ජනවාරි 01 වැනි දා සිට මැයි 31 වැනිදා දක්‌වා වූ කාලය තුළ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක්‌ අපනයනය කිරීම මඟින් රුපියල් මිලියන 165 ක්‌ විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇත. පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස්‌ එක්‌ ලක්‌ෂයක්‌ අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 290 කි. විදෙස්‌ වෙළෙඳපළේ තැඹිලි Read More

පළාත් 9ට කාන්තා ඒ.එස්.පීලා 09ක්

දිවයිනේ පළාත් නවයට සහකාර පොලිස් අධිකාරීවරියන් නවදෙනෙකු පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ. පොලිස් කාන්තාවන්ගේ සේවා ප්‍රශ්න සහ ගැටලු විසඳීම සඳහා මෙම කාන්තා පොලිස් නිලධාරිනියන් පත් කෙරෙන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය. පොලිස් කාන්තාවන්ගේ ප්‍රශ්න ඉහළ තනතුරු දරන පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට ඔවුන් Read More

පසුගිය රජයේ සංවර්ධනයේ ප්‍රතිලාභ සීමිත පිරිසකට

පසුගිය රජය සමයේ සීමිත පිරිසකට හිමිව තිබූ සංවර්ධනයේ ප්‍රතිලාභ සමස්ත ලාංකිකයින්ටම ලබාදීමට කටයුතු කිරීම තම රජයේ ප්‍රධානම අරමුණ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා රත්නපුර, බටුගෙදර සිට මුද්දුව හරහා රත්නපුර නගරය දක්වා ඉදිකෙරෙන විකල්ප මාර්ගයේ ආරම්භක අවස්ථාවට සහභාගීවෙමිනි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Read More

2020දී එජාප රජයක්

එක්සත් ජාතික පක්ෂයත් 2020දී තනි රජයක් පිහිටුවීමේ ස්ථාවරයක සිටින බව පක්ෂයේ මන්ත්‍රී පිරිසක් කළ විමසීමකදී එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශය පිළිබඳව එජාප මන්ත්‍රී පිරිසක් කළ විමසීමකදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. සම්මුතිවාදී රජය 2020 දක්වා අඛණ්ඩව Read More

ජනපති හෙට අමෙරිකා යයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට(18) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක,  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ, පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්වරු ඇතුළු මැති ඇමතුවරුන් පිරිසක් මෙම සංචාරයට Read More

වත්තල ගින්නක්

වත්තල, හුණුපිටිය, දික්පිටිගොඩ, සීවලී මාවත ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද(18) අළුයම 3.00 පමණ ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අයත් රථ කීපයක් යොදවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුවන අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බවද පොලීසිය Read More

බිස්වාල්-ඩයස්පෝරාව අතර හමුවිමක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ. මෙරට තුළ සිදුවන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි ද සහභාගී වී තිබේ. එමෙන්ම දෙමළ Read More

t

o

p