පසුගිය රජයේ සංවර්ධනයේ ප්‍රතිලාභ සීමිත පිරිසකට

September 18, 2016

පසුගිය රජය සමයේ සීමිත පිරිසකට හිමිව තිබූ සංවර්ධනයේ ප්‍රතිලාභ සමස්ත ලාංකිකයින්ටම ලබාදීමට කටයුතු කිරීම තම රජයේ ප්‍රධානම අරමුණ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා රත්නපුර, බටුගෙදර සිට මුද්දුව හරහා රත්නපුර නගරය දක්වා ඉදිකෙරෙන විකල්ප මාර්ගයේ ආරම්භක අවස්ථාවට සහභාගීවෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,”රටක් ලෙස අපේ රජය ජාත්‍යන්තරය සමග එකතුවෙමින් රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් වන වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. අපි ගෝලීය සබඳතා ශක්තිමත් කරමින් ඉදිරියට යද්දී, රටේ ග්‍රාමීය ජනතාව අමතක කරන්නේ නැහැ. ගමේ ජනතාව ඒ සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කර ගන්නවා වගේම ඔවුන්ට විවිධ අංශයන්ගෙන් ඉදිරියට එන්න තිබෙන අවස්ථා පුළුල් කරන්නත් නව අවස්ථා බිහි කරන්නත් අපි කටයුතු කරනවා. පසුගිය රජයේ සංවර්ධනය ගැන පුරසාරම් කියන බොහෝදෙනෙක් දන්නේ නැහැ ඒ කාලේ ජනතාවට මොනවද ලැබුනේ කියලා. අපි හැමවිටම කටයුතු කරන්නේ රටේ ප්‍රතිලාභ සමස්ථ ජනතාවට ලැබෙන ලෙසයි.” යනුවෙන් පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p