කිලිනොච්චිය, ඩිපෝව හන්දිය අසල පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (16) රාත්රීයේ ඇති වූ ගින්නකින් කඩකාමර හා කුඩා වෙළෙඳසැල් 100ට වැඩි ප්රමාණයක් විනාශ වී ඇති බව කිලිනොච්චිය පොලීසිය ප්රකාශ කරයි.
රාත්රී 9.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් අදාළ වෙළෙඳසැල් 75ක් පමණ සම්පූර්ණ වශයෙන් හානිවී ඇති අතර ඒවා තුළ වූ භාණ්ඩ ද සම්පූරණයෙන්ම විනාශ වී ඇත.
ගින්න ඇති වූ අවස්ථාවේදීම කිලිනොච්චිය ප්රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය, යුධ හමුදාව, ගුවන් හමුදාව හා පොලීසිය එක්ව ගින්න මැඩපවත්වීමට පියවර ගෙන ඇත.
Leave a comment