Local News

අල්ලස් කොමිසමේ දොරවල් දෙක

අල්ලස් කොමිසමේ ෙදාරවල් දෙකක් තියෙනවා…. අපේ ඇමතිවරු ඉස්සරහා ෙදාරොන් එන්නේ නැතුව පස්සේ ෙදාරෙන් පැනලා යනවා…. මොකද මාධ්‍යවේදින් ඉන්නේ ඉස්සරහා ෙදාර ලඟ විතරයි යනුවෙන් සමාජ සේවා හා සමාජ සුබ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය. අල්ලස් කොමිසම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පැමිණිලි පමණක් විභාග කරන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී වාසුදේව නානයක්කාර මහතා Read More

හොද වැටුපක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න ඕන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සතුටුදායක වැටුපක් නැති බැවින් ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුපට සමාන කිරිමේ හා ස්වාධින කොමිෂන් සභාවල සභාපතිවරු ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් වැඩි කිරිමේ යෝජනා විවාදයට එක් වෙමින් අගමැතිවරයා එසේ කීය. හොද වැටුපක් නැතිනම් හොද මිනිසුන් මෙවැනි Read More

ෆොන්සේකාගේ හෙළිදරව්වට මැතිසබේ කලබලයි

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් දැනට අධිකරණය ඉදිරියේ විභාග වන නඩු කිහිපයක විස්තර කියමින් ප්‍රදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කතා කරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කිරිම නිසා සභාවේ කටයුතු ඊයේ (21) උණුසුම් තත්ත්වයක් ගත්තේය. ඒ අවස්ථාවේ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් අමාත්‍යවරයා පැවසු කරුණු හැන්සාඩ් වාර්තාවෙන් වත් කරන ලෙස නියෝජ්‍ය Read More

ලොකු කට්ටියගේ වැටුප් වැඩිවිම සම්මතයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප හා දිමනා වැඩිකිරිමේ හා ස්වාධින කොමිෂණ සභා නවයක් සභාපතිවරු ඇතුළු සමාජිකයන්ගේ වැටුප් හා දීමන් වැඩි කිරිමේ යෝජනාව පාර්ලිමේන්තුවේදි ඊයේ (21) සභා සම්මත විය. ඒ අනුව නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයේ රාජකාරි කළ ජනාධිපති නිතිඥ ඒ.ඒ.පි. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත් Read More

ප්‍රදේශිය සංවර්ධන අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව විරෝධයකින් තොරව සම්මතයි

ප්‍රදේශිය සංවර්ධන අමාත්‍යාංශයේ මෙම වසරේ කටයුතු වෙනුවෙන් රුපියල් පනස් නව කෝටි විසිනව ලක්ෂ විසිපන්දහසක මුදලක් ඉල්ලා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේදි අද (20) විරෝධයකින් තොරව සම්මත කෙරුනි. ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා රුපියල් කෝටි 59 ක පරිපූරක ඇස්තමේන්තුව සභාවට ඉදිරිපත් කළ අතර ඊට සභාවේ එකඟතාවය පළ විය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ Read More

පුස්සැල්ලාව පොලිසියේදි තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ කණගාටුව

පුස්සැල්ලාව පොලිසියේදි තරුණයෙකු ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය කණගාටු වෙන අතර එය සියදිවි නසාගැනීමක්ද නැතිද යන්න පිළිබඳව වැඩිදුර පරික්ෂණයක් පවත්වන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි අද(20) ප්‍රකාශ කළේය. වතුකරයේ පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකම පුරවැසියන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරිමේ වගකීම රජය සතු බවත් එම වගකිම රජයක් Read More

බැංකුවේ කීර්තිනාමයට හානියක් නොවන ලෙස එහි ගැටලූ සම්බන්ධයෙන් කටයුතු කරන්න – අගමැති

බැංකු සම්බන්ධයෙන් කටයුතු කරද්දි මහජන බැංකුවේ කීර්තිනාමයට හානියක් නොවන ලෙස එහි ගැටලූ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. ර්‍ණමහජන බැංකුව ඩිජිටල්කරණය කිරිමේ ටෙන්ඩරය බැංකුව විසින් අවසන් නොකළ ගණුදෙනුවක් බැවින් මෙතනදි අපි ප්‍රවේශමෙන් කටයුතු කළයුතුව ඇතැයිද අගමැතිවරයා සඳහන් කළේය. සමහර පුවත්පත්වල මේ පිළිබඳව අතිශෝක්තියෙන් කරුණු පළකර තිබුණායැයිද අගමැතිවරයා Read More

සේනක බිබිලේ මහතාගේ උපන් දිනයදා ඖෂධ මිල පහළ දැමීමේ මිල සූත්‍රය රටට එළි දක්වනවා

ඖෂධ මිල පහළ දැමීමේ මිල සූත්‍රය මහාචාර්ය සේනක බිබිලේ  මහතාගේ උපන් දිනය යෙදී තිබෙන ලබන 23 දා රටට එළි දක්වන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. මිල සුත්‍රය එදින සිට දිවයින පුරා ක්‍රියාත්මක වීම අනිවාර්්‍යය බවද ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය. ඖෂධ මිල පාලනය කිරිමට රජය ගන්නා වැඩපිළිවෙල කුමන බාධක Read More

රටේ සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරනවා

යහපාලන ජාතික රජයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමා ක්‍රියා කරන්නේ රටේ සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරිමට මිස එක් බමුණු කුලයක අයිතිය සුරක්ෂිත කිරිමට නොවේයැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදි අද (20) ප්‍රකාශ කළේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියනාසේ කටයුතු කොට රටේ අනෙක් අහිංසක ජනතාවගේ දුවා දරුවන්ගේ අනාගතය විනාශ කිරිමට තමන් සුදානම් නැති බවත් Read More

නුවන් කුලසේකරව අත්අඩංගුවට ගෙන ඇප දෙයි

කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නුවර සිට ‍කොළඹට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි කුලසේකර පැමිණි රථයට රන්මුතුගල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත. ‍තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු Read More

t

o

p