ප්‍රදේශිය සංවර්ධන අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව විරෝධයකින් තොරව සම්මතයි

September 20, 2016

ප්‍රදේශිය සංවර්ධන අමාත්‍යාංශයේ මෙම වසරේ කටයුතු වෙනුවෙන් රුපියල් පනස් නව කෝටි විසිනව ලක්ෂ විසිපන්දහසක මුදලක් ඉල්ලා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේදි අද (20) විරෝධයකින් තොරව සම්මත කෙරුනි.
ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා රුපියල් කෝටි 59 ක පරිපූරක ඇස්තමේන්තුව සභාවට ඉදිරිපත් කළ අතර ඊට සභාවේ එකඟතාවය පළ විය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුව විසින් මූල්‍යකරණය කරන ලද මෙම මුදල ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් ලබාගත හැකි පරිදි පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුනි.
පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 46942500 ක මුදලක්ද, මූලධන වියදම් ලෙස රුපියල් 12350000 ක මුදලක්ද ලෙස මෙම මුදල පරිපුරක ඇස්තමේන්තුව මගින් ඉදිරිපත් කරනා ලදි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p