පුස්සැල්ලාව පොලිසියේදි තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ කණගාටුව

September 20, 2016

පුස්සැල්ලාව පොලිසියේදි තරුණයෙකු ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය කණගාටු වෙන අතර එය සියදිවි නසාගැනීමක්ද නැතිද යන්න පිළිබඳව වැඩිදුර පරික්ෂණයක් පවත්වන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි අද(20) ප්‍රකාශ කළේය.
වතුකරයේ පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකම පුරවැසියන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරිමේ වගකීම රජය සතු බවත් එම වගකිම රජයක් ලෙස භාර ගන්නා බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පොලිස් සිරමැදිරියක් තුළ තරුණයකු මිය යාමේ සිද්ධියත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරුදුන් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
මිය ගිය තරුණයා පුස්සැල්ලාව රොසැල්ලාව වතු නිවාසයන්හි ජිවත් වූ 30 හැවිදිරිදි තරුණයෙක්. බලපත්‍ර රහිත මහරා ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් ඔහුව ගම්පොල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව අධිකරණය ඔහුව ප්‍රජාසේවය සඳහා යොදවා තිබෙනවා. ඔහු ප්‍රජාසේවය සඳහා නියමිත පරිදි වාර්තා නොකිරිම නිසා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළා.
එම වරෙන්තුව මත සැප්තැම්බර් 16 දා පුස්සැල්ලාවේදි අත්අඩංගුවට ගන්නවා. ඇද සිටි ඇදුම ලෙස කොලපාට ටී ෂර්ටයක් හා නිල් පැහැති ඩෙනිමක් ලෙස ලොග් සටහන්වල දක්වා තිබෙනවා.  එදින සවස 18.15 ටත් 18.45 ටත් ඔහුව පරික්ෂා කළ බව සටහන් දමා තිබෙනවා.
මෙම පොලිසියේ සිරිමැදිරිය වෙනත් පොලිසිවල සේ උපසේවා නිලධාරි මේසයට පේන්නේ නැහැ. එදින සේවයේ සිටි උප සේවා නිලධාරියාට ශබ්දයක් ඇසි බලන විට සිර මැදිරියේ කම්බිකඣරුවල ගෙල වැළලාගෙන දගලනු දැක තිබෙනවා. පසුව රෝහලට ගෙන ගියත් සැකකරු මිය ගොස් සිටි බව වෙද්‍යවරයා සටහන් කර තිබෙනවා.
අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් මුලික පරික්ෂණයක් කලා. පශ්චාත් මරණ පරික්ෂණයෙන් විවෘත තීන්දුවක් දීලා තියෙන්නේ. ශරිර කොටස් රස පරික්ෂකවරයා වෙත යවලා තියෙනවා.
සහකාර පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවා. එදින සේවයේ සිටි කාර්යභාර නිලධාරියාගේ හා උපසේවා නිලධාරියාගේ වැඩතහනම් කර තිබෙනවා. ස්ථානාධිපතිවරයා ගම්පොල පොලීසියට මාරු කර යවා තිබෙනවා. ලබන 23 දා මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p